AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ඇමති ප්‍රමිත දඹුල්ලේ ගුරුවරු එක්ක අකුරට වැඩ (ඡායාරූප)

ගුරු වෘත්තීය සංගම් අකුරට වැඩ කිරීම හා වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් පාසල් අධ්‍යාපනය ගැටලුසහගත තත්ත්වයකට පත් ව ඇති මොහොතක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙන් රු. ලක්ෂ 235ක් වැය කර නවීකරණය කළ දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත් කෙරුණා.

අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය නිවේදනය කර සිටින්නේ; මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හිමි වූ බවයි.

නවීකරණය කරන ලද දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට හිටපු අමාත්‍ය පා.ම. ජනක බණ්ඩාර තෙන්නකෝන් එක් ව සිටියා.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පාසලේ නඩත්තු හා නවීකරණය සඳහා අත්‍යවශ්‍ය වූ ඇස්තමේන්තුගත රුපියල් ලක්ෂ 235 ක මුදලක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්ගේ මැදිහත්වීම මත වෙන් කරවාගෙන පාසලේ ගොඩනැගිලි, ජල, විදුලි, සනීපාරක්‍ෂක ඇතුළු සියලු ප්‍රතිසංස්කරණ සිදුකර සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් පරිසරයක සිට කරගෙන යාමට හැකිවන පරිදියි මෙම නව ව්‍යාපෘතිය එම පාසලට පරිත්‍යාග කෙරුණේ.

WhatsApp Image 2024 07 24 at 13.03.25
WhatsApp Image 2024 07 24 at 13.03.24 1
WhatsApp Image 2024 07 24 at 13.03.26
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?