දකුණු ආසියානු 04 වැනි දෘශ්‍යාබාධිත ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම් 03ක් සහ රිදී පදක්කම් 02ක් දිනා ගත් දෘශ්‍යාබාධිත ක්‍රීඩකයින් දෙදෙනෙකු අද පස්වරුවේ මෙරටට පැමිණ තිබෙනවා.
මෙම තරගාවලියේ දී දෘශ්‍යාබාධිත බොක්සිං කිලෝ ග්‍රෑම් 70ට අඩු විවෘත අංශයෙන් තරග කළ කොළොන්නාවේ පදිංචි කාලීඩ් ඔස්මන්ඩ් අවසාන මහා තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණා.
ඊට අමතරව මීටර් 5,000 දෘශ්‍යාබාධිත ධාවන ඉසව්වෙන් දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමටයි ඔහු සමත් වී ඇත්තේ.
මෙම තරගාවලියට සහභාගී වූ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අසංක දිසානායක දෘශ්‍යාබාධිත මීටර් 5,000 ධාවන ඉසව්වෙන් සහ මීටර් 5,000 ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගෙන තිබූ අතර මීටර් 3,000 ඇවිදීමේ ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා ගෙන තිබෙනවා.
මෙම 04 වැනි දකුණු ආසියානු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවර අසාම් ප්‍රදේශයේදී පැවැත්වුණේ පසුගිය 20 වනදා සිට 22 වනදා දක්වායි.
මෙම දෘශ්‍යාබාධිත ක්‍රීඩකයින් දෙදෙනා අද දහවල් 12.55ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.




