මැදපෙරදිග ගැටුම්වල බලපෑම සාකච්ඡා කිරීමට සජිත්ගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක්

උග්‍රවන මැදපෙරදිග යුද අර්බුදය නිසාවෙන් වර්ධනය වන ජාතික ආරක්ෂාව සහ ආර්ථික අවදානම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (12) හදිසි රැස්වීමක් කැඳවා තිබුණා.

විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින්, හිටපු විදේශ ප්‍රතිපත්ති නිලධාරීන් සහ ශාස්ත්‍රාලික සාමාජිකයින් මෙම රැස්වීමට සහභාගී වී සිටියා.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ප්‍රකෘතිමත් වීමක් කරා ගමන් කරමින් සිටින බවත් මේ අවස්ථාවේ මැදපෙරදිග කලාපයේ වේගයෙන් උත්සන්න වන ගැටුම දැන් ඉන්දියානු සාගර කලාපයට සෘජුවම බලපාන බවත් මෙම සාකච්ඡාව අතරතුර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

පසුගිය සතියේ එක්සත් ජනපද සබ්මැරීනයක් ගාල්ල වෙරළට නාවික සැතපුම් 19 ක් දුරින් ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ගිල්වා දැමීමත් සමඟ මෙම මැදපෙරදිග ගැටුම ශ්‍රී ලංකාවට සමීප වූ බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48