රන් පදක්කම් දිනූ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයින් දෙදෙනෙකු දිවයිනට

දකුණු ආසියානු 04 වැනි දෘශ්‍යාබාධිත ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම් 03ක් සහ රිදී පදක්කම් 02ක් දිනා ගත් දෘශ්‍යාබාධිත ක්‍රීඩකයින් දෙදෙනෙකු අද පස්වරුවේ මෙරටට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලියේ දී දෘශ්‍යාබාධිත බොක්සිං කිලෝ ග්‍රෑම් 70ට අඩු විවෘත අංශයෙන් තරග කළ කොළොන්නාවේ පදිංචි කාලීඩ් ඔස්මන්ඩ් අවසාන මහා තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණා.

ඊට අමතරව මීටර් 5,000 දෘශ්‍යාබාධිත ධාවන ඉසව්වෙන් දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමටයි ඔහු සමත් වී ඇත්තේ.

මෙම තරගාවලියට සහභාගී වූ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අසංක දිසානායක දෘශ්‍යාබාධිත මීටර් 5,000 ධාවන ඉසව්වෙන් සහ මීටර් 5,000 ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගෙන තිබූ අතර මීටර් 3,000 ඇවිදීමේ ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා ගෙන තිබෙනවා.

මෙම 04 වැනි දකුණු ආසියානු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවර අසාම් ප්‍රදේශයේදී පැවැත්වුණේ පසුගිය 20 වනදා සිට 22 වනදා දක්වායි.

මෙම දෘශ්‍යාබාධිත ක්‍රීඩකයින් දෙදෙනා අද දහවල් 12.55ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13
Video thumbnail
මහානායකහිමිවරුන්ට වනවාසි රාහුල හිමිගෙන් සැර කතාවක් - භික්ෂූන්වහන්සේලා පාලනය කර ගැනීමේ හැකියාවක් නෑ
03:29
Video thumbnail
මාල කඩපු කෙල්ලෙක්ට මිනිස්සු එකතුවෙලා දුන්න දඬුවම - ඔය සිංහල කතා කරන්නේ බබා..අනුන්ට ගිනි ගින්දර දෙනවා
02:56
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30
Video thumbnail
ලංකාවේ ඩීසල් පෙට්‍රල් හිඟයක්ද? CPC එකෙන් සියල්ල හෙළිකරයි
02:45
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48