රත්‍රං බිස්කට් හොරෙන් මෙරටට ගෙන්වන්න තැටමූ එයාර්පෝට් නිලධාරියෙක් අල්ලයි

රත්‍රං බිස්කට් තොගයක් නීතිවිරෝධී ව රට තුළට ගෙන ඒමට උත්සාහ කළ කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සමත් වී තිබෙනවා.

අද (21) උදෑසන මෙම මෙහෙයුම ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගිනුයි සිදු කර ඇත්තේ.

රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් කිරීමට උත්සාහ කරමින් සිටියදීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මෙම ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීවරයා වසර 15 ක සේවා කාලයක නිරත ව සිටින මාතර – හක්මණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු තම රාත්‍රී සේවා මුරය නිමා කර, ගුවන් යානයකින් පැමිණි කිසියම් මගියෙකු විසින් සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක් තුළ දී ලබා දුන් රන් බිස්කට් තොගය, ඔහුගේ කලිසම් සාක්කුවල දමාගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදීයි, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ.

මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපොළෙන් පිට කරදීමට රුපියල් 60,000ක මුදලක් ලබාදීමේ පොරොන්දුව මත මෙම ආරක්ෂක නිලධාරීවරයා කටයුතු කර ඇති බව රේගුව සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

කැරට් 24කින් යුත් මෙම රන් බිස්කට් එකක් ග්‍රෑම් 116.6 ක් බරකින් යුක්ත වන අතර මෙම රන් බිස්කට් තොගය කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 086 ක බරකින් යුක්ත වනවා.

මෙම අවස්ථාව අධීක්ෂණය කිරීම සඳහා රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ද කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත පැමිණියා.

අත්අඩංගුවට ගත් ගුවන් තොටුපොළ ආරක්ෂක පරීක්ෂක නිලධාරීවරයා අත්අඩංගුවේ තබාගෙන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46