රත්මලාන ගුවන් තොටුපළේ අවදානම් තාප්පයක් ඉවත් කිරීමේ සූදානමක

රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරේ මායිම් තාප්පය ඉවත් කිරීම සඳහා සමාලෝචනයක් සිදුකර තීරණයක් ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකා ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය සිදුකළ අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් අවදානය යොමුකරමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරේ අඩි 09 කින් යුත් තාප්පය ජාත්‍යන්තර ගුවන් තොටුපළ රෙගුලාසි උල්ලංඝනය කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

එම තාප්පයේ පිහිටීම හේතුවෙන් සුළු කාර්මික දෝෂයක් වුවද ගුවන් යානයක් තාප්පයේ ගැටීමෙන් විශාල අනතුරක් සිදුවිය හැකි බවයි ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය පවසන්නේ.

මෙම අවදානම සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර එම තාප්පය ඉවත් කිරීමේ තීරණය ගන්නා බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පැවසුවේ.

ගුවන් තොටුපළ රෙගුලාසි උල්ලංඝනය කරමින් දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළේ ඉදිකර තිබූ තාප්පයක ගුවන් යානයක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් ජීවිත 179ක් පසුගිය දා අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15