Indian Premier League

රත්මලානේ දී කලුවාට වෙඩි (ඡායාරූප)

රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (22) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

රාත්‍රී 9.45ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරලිය නිවාස, රත්මලාන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 40ක් පමණ වන සිංහාර අනුර දේශප්‍රිය හෙවත් කලුවා නැමති පුද්ගලක් බවයි වාර්තා වන්නේ.

මොහු වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ පිහිටි කුකුළු මස් අලෙවිසැලක සේවය කළ අයෙක් බව සඳහන්.

මෘතදේහය කළුබෝවිල රෝහලට රැගෙන යාමටයි කටයුතු තිබුණේ.

වෙඩිතැබීමට හේතුව කුමක්ද යන්න අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?