රත්තොට පිළිස්සුණු මළ සිරුර ගැන පොලීසි 3කින් පරීක්ෂණ

මාතලේ – රත්තොට – රත්වත්ත වතුයායේ දොඹගොඩ තේ වත්තේ තිබියදී සොයා ගත් පිළිස්සුණු මළ සිරුර දැනට තලාහේන ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පැවසෙන පුද්ගලයාගේ ද යන්න පිළිබද විමර්ශන ආරම්භවී තිබෙනවා. ඒ, රත්තොට, අනුරාධපුර සහ තලංගම පොලීසි මගින්. එමෙන්ම, එම පුද්ගලයාගේ දෙමව්පියන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද සිදුකිරීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ. පසුගිය 21 වන දා රත්තොට – දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබියදී පිළිස්සුණ මළ සිරුරක් සොයාගෙන තිබුණා.

කෙසේ වෙතත්, තලාහේන ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට පැවසෙන 46 හැවිරිදි පුද්ගලයාට අයත් මෝටර් රථය අනුරාධපුර බස් නැවතුම්පොළ අසළ තිබී පොලීසිය සොයා ගත්තේ පසුගිය 23 වන දායි. එමෙන්ම, අතුරුදන් වී ඇති බවට පැවසෙන එම පුද්ගලයා පදිංචිව සිටි තලංගම – තලාහේන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක තිබී ලේ පැල්ලම් කිහිපයක් ද සොයා ගැනුණා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?