පාසල් අතර වාර්ෂික ක්‍රිකට් තරඟාවලි සඳහා පොලිසියෙන් උපදෙස් මාලාවක්

පාසල් අතර පවත්වනු ලබන වාර්ෂික ක්‍රිකට් තරඟාවලි සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් පොලිසිය පවසන්නේ පාසල් තුළ සිදුකරනු ලබන මෙවැනි ක්‍රියාකාරකම්වල දී පාසල් ළමුන්ගේ සහ ඊට සහභාගී වන්නන්ගේ විනය සම්බන්ධයෙන් අවධානය යොමුවන කාලසීමාවක් වන අතර, එය තම පාසලේ ගෞරවයට ද බලපාන බව අවධාරණය කළ යුතු බවයි.

ඒ, අනුව පහත කරුණු සම්බන්ධව පාසල් ළමුන් මෙන්ම දෙමාපියන් ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි පොලිසිය පවසන්නේ.

1 පාසලේ ගෞරවය රැකෙන පරිදි පොදු ස්ථානවල හැසිරීම.
2 පාරිභෝගිකයින්ට හෝ මහජනයාට පීඩාවක් වන පරිදි කෑකෝ ගැසීම සහ මාර්ග අවහිර කිරීමෙන් වැළකී සිටීම.
වෙනත් පාසල් වල සිසුන් සමඟ ගැටුම් ඇති කර නොගැනීම.
3 ලොරි, ට්‍රක් රථ හෝ වාහනවල අනතුරුදායක ලෙස ගමන් නොකිරීමට වග බලා ගැනීම
4 බලපත්‍ර නොමැතිව රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීම සිදු නොකළ යුතු අතර එවැන්නන්ට ශ්‍රී ලංකා පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරමි.
5 රථ පෙළපාලි (Truck Parades) යාමේදී පොලිසියෙන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
6 තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන ඒම සපුරා
තහනම් බව.
7 දුම්වැටි සහ වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරමි
8 ප්‍රතිවිරුද්ධ පාසල්වල සිසුන් සමඟ ගැටුම් ඇති කර ගැනීම, ඔවුන්ට අපහාස කිරීම හෝ සමාජ මාධ්‍ය (Social Media) හරහා වෛරී සහගත ප්‍රකාශ පැතිරවීම සිදු නොකළ යුතු බව.

එමෙන්ම මෙම ක්‍රියාකාරකම් සඳහා සහභාගි වන පාසල් දරුවන්ගේ දෙමාපියන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු ලෙස කරුණු මාලාවක් පොලිසිය නිකුත් කර තිබෙනවා.

1 තම දරුවන් සහභාගී වන උත්සව සහ ඔවුන් ගැවසෙන ස්ථාන පිළිබඳව විමසිලිමත්ව කටයුතු කිරීම.
2 නියමිත වේලාවට දරුවන් නිවසට පැමිණෙන්නේ දැයි විමසිල්ලෙන් සිටීම.
3 රථ පෙළපාලි වැනි ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට වාහන ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

මේ අතර මෙවැනි පාසල් ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගි වන දරුවන්, ආදී සිසුන් සහ දෙමාපියන් විසින් අනීතිකව හැසිරෙමින් පොදු දේපළ වලට හානි කිරීම වැනි සාමය කඩකිරීම්, සිදු කරන අවස්ථාවන් නිරීක්ෂණය හෝ අනාවරණය වුවහොත් එවැනි අවස්ථාවන් වලදී ශ්‍රී පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36