පාසල් අතර වාර්ෂික ක්‍රිකට් තරඟාවලි සඳහා පොලිසියෙන් උපදෙස් මාලාවක්

පාසල් අතර පවත්වනු ලබන වාර්ෂික ක්‍රිකට් තරඟාවලි සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් පොලිසිය පවසන්නේ පාසල් තුළ සිදුකරනු ලබන මෙවැනි ක්‍රියාකාරකම්වල දී පාසල් ළමුන්ගේ සහ ඊට සහභාගී වන්නන්ගේ විනය සම්බන්ධයෙන් අවධානය යොමුවන කාලසීමාවක් වන අතර, එය තම පාසලේ ගෞරවයට ද බලපාන බව අවධාරණය කළ යුතු බවයි.

ඒ, අනුව පහත කරුණු සම්බන්ධව පාසල් ළමුන් මෙන්ම දෙමාපියන් ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි පොලිසිය පවසන්නේ.

1 පාසලේ ගෞරවය රැකෙන පරිදි පොදු ස්ථානවල හැසිරීම.
2 පාරිභෝගිකයින්ට හෝ මහජනයාට පීඩාවක් වන පරිදි කෑකෝ ගැසීම සහ මාර්ග අවහිර කිරීමෙන් වැළකී සිටීම.
වෙනත් පාසල් වල සිසුන් සමඟ ගැටුම් ඇති කර නොගැනීම.
3 ලොරි, ට්‍රක් රථ හෝ වාහනවල අනතුරුදායක ලෙස ගමන් නොකිරීමට වග බලා ගැනීම
4 බලපත්‍ර නොමැතිව රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීම සිදු නොකළ යුතු අතර එවැන්නන්ට ශ්‍රී ලංකා පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරමි.
5 රථ පෙළපාලි (Truck Parades) යාමේදී පොලිසියෙන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
6 තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන ඒම සපුරා
තහනම් බව.
7 දුම්වැටි සහ වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරමි
8 ප්‍රතිවිරුද්ධ පාසල්වල සිසුන් සමඟ ගැටුම් ඇති කර ගැනීම, ඔවුන්ට අපහාස කිරීම හෝ සමාජ මාධ්‍ය (Social Media) හරහා වෛරී සහගත ප්‍රකාශ පැතිරවීම සිදු නොකළ යුතු බව.

එමෙන්ම මෙම ක්‍රියාකාරකම් සඳහා සහභාගි වන පාසල් දරුවන්ගේ දෙමාපියන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු ලෙස කරුණු මාලාවක් පොලිසිය නිකුත් කර තිබෙනවා.

1 තම දරුවන් සහභාගී වන උත්සව සහ ඔවුන් ගැවසෙන ස්ථාන පිළිබඳව විමසිලිමත්ව කටයුතු කිරීම.
2 නියමිත වේලාවට දරුවන් නිවසට පැමිණෙන්නේ දැයි විමසිල්ලෙන් සිටීම.
3 රථ පෙළපාලි වැනි ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට වාහන ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

මේ අතර මෙවැනි පාසල් ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගි වන දරුවන්, ආදී සිසුන් සහ දෙමාපියන් විසින් අනීතිකව හැසිරෙමින් පොදු දේපළ වලට හානි කිරීම වැනි සාමය කඩකිරීම්, සිදු කරන අවස්ථාවන් නිරීක්ෂණය හෝ අනාවරණය වුවහොත් එවැනි අවස්ථාවන් වලදී ශ්‍රී පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19