රට වෙනුවෙන් ටෙස්ට් මැච් 100ක් ගහපු සනාගෙන් දිම්මාට තිළිණයක්

අද (06) පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා ආරම්භක පිතිකරුවෙකු මෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිමුත් කරුණාරත්න හට විශේෂ සමුදීමේ කෙටි උත්සවයක් පැවැත්වුණා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදියි.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ සත්වැනි ක්‍රීඩකයා ලෙසයි දිමුත් කරුණාරත්න ඉතිහාසගත වන්නේ.

මීට පෙර සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් ටෙස්ට් තරග 100ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

අද දිනයේ දී තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දිමුත් හට එම හිස් වැසුම පැළඳවීමට ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය හට අවස්ථාව උදා වුණා.

මීට අමතරව ඔහු වෙනුවෙන් සමරු ඵලක ද්විත්වයක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිරිනැමුණු අතර මෙම අවස්ථාව සඳහා දිමුත් කරුණාරත්නගේ පවුලේ පිරිසක් එක් ව සිටියා.

දිමුත් කරුණාරත්නය මේ වනවිට ටෙස්ට් තරග 100කට ක්‍රීඩා කරමින් ලකුණු 7172ක් හිමිකරගෙන තිබෙනවා.

ඊට ශතක 16ක් සහ අර්ධ ශතක 39ක් ඇතුළත්.

2012 නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවති ටෙස්ට් තරගයකදියි දිමුත් කරුණාරත්න ටෙස්ට් වරම් හිමිකරගත්තේ.

දිමුත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 30ක් සඳහා සිය නායකත්වය ලබා දී ඇති අතර එහිදී තරග 12ක් ජයග්‍රහණයකින් ද තරග 06ක් ජය පරාජයෙන් තොරව ද අවසන් කරගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?