රට වෙනුවෙන් ටෙස්ට් මැච් 100ක් ගහපු සනාගෙන් දිම්මාට තිළිණයක්

අද (06) පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා ආරම්භක පිතිකරුවෙකු මෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිමුත් කරුණාරත්න හට විශේෂ සමුදීමේ කෙටි උත්සවයක් පැවැත්වුණා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදියි.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ සත්වැනි ක්‍රීඩකයා ලෙසයි දිමුත් කරුණාරත්න ඉතිහාසගත වන්නේ.

මීට පෙර සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් ටෙස්ට් තරග 100ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

අද දිනයේ දී තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දිමුත් හට එම හිස් වැසුම පැළඳවීමට ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය හට අවස්ථාව උදා වුණා.

මීට අමතරව ඔහු වෙනුවෙන් සමරු ඵලක ද්විත්වයක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිරිනැමුණු අතර මෙම අවස්ථාව සඳහා දිමුත් කරුණාරත්නගේ පවුලේ පිරිසක් එක් ව සිටියා.

දිමුත් කරුණාරත්නය මේ වනවිට ටෙස්ට් තරග 100කට ක්‍රීඩා කරමින් ලකුණු 7172ක් හිමිකරගෙන තිබෙනවා.

ඊට ශතක 16ක් සහ අර්ධ ශතක 39ක් ඇතුළත්.

2012 නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවති ටෙස්ට් තරගයකදියි දිමුත් කරුණාරත්න ටෙස්ට් වරම් හිමිකරගත්තේ.

දිමුත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 30ක් සඳහා සිය නායකත්වය ලබා දී ඇති අතර එහිදී තරග 12ක් ජයග්‍රහණයකින් ද තරග 06ක් ජය පරාජයෙන් තොරව ද අවසන් කරගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46