රට පුරා පාසල් ක්ලීන් කරන ‘Clean Sri Lanka’ වැඩසටහන ත්‍රිවිධ හමුදාවේ සහායෙන් අඛණ්ඩව

රජය මගින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමිව දීපව්‍යාප්තව තෝරාගත් පාසල් දහසක් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් ( විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත ත්‍රිවිධ හමුදාවේ සහායෙන් අඛණ්ඩව ඉදිරියට සිදු කෙරෙමින් පවතිනවා.

2025 පෙබරවාරි 20 දින ආරම්භ කෙරුණු මෙම පාසල් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට දෙවන අදියර යටතේ ක්‍රියාත්මක කරනු ලබනවා.

2025 මාර්තු මස 10 වන දින දක්වා වූ කාලය තුළ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පාසල් 432ක් ගුවන් හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පාසල් 34ක් සහ නාවික හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පාසල් 21ක් පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීමෙන් සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ සහයෝගය හා ශ්‍රම දායකත්වය ද මෙම කටයුතු සඳහා ලැබී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන්වලට සමගාමිව ගරාවැටුණු පාසල් ගොඩනැඟිලි, අබලන් තත්වයේ පවතින මේස, පුටු පොත් රාක්ක ඇතුළු පාසල් උපකරණ නැවත භාවිතා කළ හැකි වන පරිදි අලුත්වැඩියා කිරීමේ කටයුතු, තීන්ත පිරියම් කිරීම, මායිම් වැටවල් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ද සිදු කරනු ලබනවා.

සිය සමාජ වගකීම් වැඩසටහන් ඔස්සේ මෙරට ත්‍රිවිධ හමුදාව අප රටේ පාසල්වල ඉගැන්වීම් සහ ඉගෙනුම් පරිසරය වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් රජයේ “පොහොසත් රටක්, ලස්සන ජිවිතයක්” යන දැක්මට අනුව සිදු කරන “Clean Sri Lanka” ජාතික ප්‍රයත්නය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ත්‍රිවිධ හමුදාව සක්‍රියව දායකත්වය සහ අඛණ්ඩ සහයෝගය දක්වමින් කටයුතු සිදු කරනු ලබන බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

පාසල් ආශ්‍රිතව සිදු කෙරෙන මෙම පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා විදුහල්පතිවරු, ගුරුවරු, සිසු දරුවන් හා දෙමාපියන් ඇතුළු සිවිල් ප්‍රජාවගේ සහාය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත නිරන්තරයෙන් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21