රට ගිය ඇත්තන්ට අපිව අමතක වෙයි

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව, අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ.

මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ‌ඩොලර් මිලියන 611.7 හා සැසඳීමේ දී 55.6% ක පහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ.

මේ අතර 2021 වසරේ මුල් මාස 11 තුළ දී ලැබී ඇති ප්‍රේෂණවල සමස්ත වටිනාකම ඩොලර් මිලියන 5,166.3 ක් වන අතර එය 2020 වසරේ පළමු මාස 11 අදාළ වටිනාකම වූ ඩොලර් මිලියන 6,291.2 හා සැසඳීමේ දී 17.9% ක පහළ යාමක් වේ.

2021 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය ඩොලර් මිලියන 317.4 ක් වූ අතර එය 2020 ඔක්තෝබර් මාසයේ අගය වූ ඩොලර් මිලියන 630.7 ට වඩා 49.6% ක අඩුවීමකි.

මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ‌මෙරටට මුදල් එවීමේ දී නිල මාර්ග පමණක් යොදා ගන්නා ලෙසත්, නිල නොවන මාර්ගවලින් මුදල් ප්‍රේෂණය කිරීම දැනුවත්ව හෝ නොදැනුවත්ව නීතිවිරෝධී කටයුතුවලට සහාය දීමක් බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
කොල්ලො මට අපිලගෙ සාදු කියන්නේ ආදරේටනේ ඉතින්
06:52
Video thumbnail
මේක නම් ෆිල්ම් එකක කෑල්ලක් වගේ - බලං හිටපු අයත් මේකට පුදුම වෙලා
03:51
Video thumbnail
දේශබන්දුට අද ඇප හම්බවෙයිද ? රටම බලං ඉන්න නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
04:36
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
09:13
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04

?