රට ගිය ඇත්තන්ට අපිව අමතක වෙයි

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව, අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ.

මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ‌ඩොලර් මිලියන 611.7 හා සැසඳීමේ දී 55.6% ක පහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ.

මේ අතර 2021 වසරේ මුල් මාස 11 තුළ දී ලැබී ඇති ප්‍රේෂණවල සමස්ත වටිනාකම ඩොලර් මිලියන 5,166.3 ක් වන අතර එය 2020 වසරේ පළමු මාස 11 අදාළ වටිනාකම වූ ඩොලර් මිලියන 6,291.2 හා සැසඳීමේ දී 17.9% ක පහළ යාමක් වේ.

2021 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය ඩොලර් මිලියන 317.4 ක් වූ අතර එය 2020 ඔක්තෝබර් මාසයේ අගය වූ ඩොලර් මිලියන 630.7 ට වඩා 49.6% ක අඩුවීමකි.

මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ‌මෙරටට මුදල් එවීමේ දී නිල මාර්ග පමණක් යොදා ගන්නා ලෙසත්, නිල නොවන මාර්ගවලින් මුදල් ප්‍රේෂණය කිරීම දැනුවත්ව හෝ නොදැනුවත්ව නීතිවිරෝධී කටයුතුවලට සහාය දීමක් බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කර සිටියේ.

  1. රත්තරන් බිත්තර දාන කිකිලි මරල බිත්තර ඔක්කොම ගන්න හැදුව වගේ වැඩක් කරපු කබ්‍රාල් ලොක්කට රට ඉන්න ලාන්කිකයො හොද උත්තරයක් දීල තියෙනව. ඇත්ත කතාවනම් කවුද කැමති තමන් හම්බකරන මුදල් අඩු ගානකට මාරු කරන්න. ඒගොල්ලොන්ට කීයක් හරි වැඩිපුර හම්බෙනවනම් ඒ හම්බෙන විදියට තමයි එවන්න හදන්නෙ. දැන් කරන්න ඕනෙ හරි ගාන ලබාදීම මිසක් ඔය වගේ ගොන් වැඩ කරන එක නෙමෙයි. අනේ මන්ද ඔය ලොකු පුටූ වල ඉන්න මිනිස්සු කවද මෙව්ව තේරුම් ගනීවිද කියල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56