රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට හැකි සෑම පියවරක් ම ගන්න – ජනපති (වීඩියෝ)

රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අද (12) දින ජනාධිපති කාර්‍යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවක දී මේ බව අවධාරණය කෙරුණා.

රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහබැංකුව විසින් ගත යුතු සෑම පියවරක්ම ගන්නා ලෙස ද ඊට රජයේ සහයෝගය හා පහසුකම් සැලසීම සිදු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

බැංකු මූල්‍ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මනා යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසත්; ආර්ථිකයෙහි සහ මූල්‍ය පද්ධතියෙහි වර්ධනයන් සමස්තයක් ලෙස සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, මහ බැංකුව විසින් මූල්‍ය ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ද මෙහිදී අවධානයට යොමු කෙරුණා.

මූල්‍ය පද්ධතිය තුළ පවතින සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති තවදුරටත් බලාත්මක කිරීමට ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ආර්ථිකය ස්ථායී වීමත් සමග වත්කම්වල ගුණාත්මකභාවයෙහි ආරක්ෂිත වර්ධනයන් සහ විචක්ෂණශීලි ලෙස අවදානම් කළමනාකරණය කර ගනිමින් ප්‍රාග්ධනය ගොඩනැගීමත් සමග ඉදිරි මූල්‍ය පද්ධතියේ යහපත් කාර්ය සාධනයක් මෙමගින් අපේක්ෂා කරනු ඇති.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?