AFC Banner
Empty Ad
Empty Ad

රටේ ඉන්ධන අර්බුදයක් තිබුනේ නැහැ – අගමැති

පසුගිය දිනවල තෙල් අර්බුදයක් ගැන මෙරටේ කතා වුනත් ඇත්ත වශයෙන්ම එවැනි අර්බුදයක් නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. කුරුණෑගල ප්‍රදේශයේ දී අද උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ එවැනි තත්ත්වයක් ඇතිවුනේ දේශපාලනමය වශයෙන් තිබෙන අවබෝධය අඩුකම නිසා සිදුකළ අනවශ්‍ය ප්‍රකාශ හේතුවෙන් බවයි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“පහුගිය දවස්වල තෙල් අර්බුදයක් ගැන කතා වුණා. ඇත්ත වශයෙන්ම අර්බුදයක් තිබුනේ නැහැ. නැව් ගෙන්නලා තිබුණා. ඒ නැවෙන් බාන්න එක විතරයි කරන්න තිබුණේ. මොකද අපේ යුගවල සමහර විට පැය 24යි තෙල් තිබුනේ. යම් යම් වැරදි ප්‍රකාශ නිසා දවස් 04යි තියෙන්නේ දවස් 03යි තියෙන්නේ කියනකොට මිනිස්සු කලබල වෙනවා. එවැනි අවස්ථාවලදී යම් යම් අනවශ්‍ය ප්‍රකාශ කිරීම නිසයි මිනිස්සු බිය වෙලා පෝලිම් හැදුණේ. දේශපාලනමය වශයෙන් අවබෝධයක් නොමැතිකම හෝ පළපුරුද්දක් නැතිකම තුලින් ඇති වෙච්ච දේවල්. නුමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහොම පැහැදිලිව තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් තමන්ගේ රට සංවර්ධනය කරන්නට පියවර අරගෙන තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?