රටේ ඉන්ධන අර්බුදයක් තිබුනේ නැහැ – අගමැති

පසුගිය දිනවල තෙල් අර්බුදයක් ගැන මෙරටේ කතා වුනත් ඇත්ත වශයෙන්ම එවැනි අර්බුදයක් නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. කුරුණෑගල ප්‍රදේශයේ දී අද උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ එවැනි තත්ත්වයක් ඇතිවුනේ දේශපාලනමය වශයෙන් තිබෙන අවබෝධය අඩුකම නිසා සිදුකළ අනවශ්‍ය ප්‍රකාශ හේතුවෙන් බවයි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“පහුගිය දවස්වල තෙල් අර්බුදයක් ගැන කතා වුණා. ඇත්ත වශයෙන්ම අර්බුදයක් තිබුනේ නැහැ. නැව් ගෙන්නලා තිබුණා. ඒ නැවෙන් බාන්න එක විතරයි කරන්න තිබුණේ. මොකද අපේ යුගවල සමහර විට පැය 24යි තෙල් තිබුනේ. යම් යම් වැරදි ප්‍රකාශ නිසා දවස් 04යි තියෙන්නේ දවස් 03යි තියෙන්නේ කියනකොට මිනිස්සු කලබල වෙනවා. එවැනි අවස්ථාවලදී යම් යම් අනවශ්‍ය ප්‍රකාශ කිරීම නිසයි මිනිස්සු බිය වෙලා පෝලිම් හැදුණේ. දේශපාලනමය වශයෙන් අවබෝධයක් නොමැතිකම හෝ පළපුරුද්දක් නැතිකම තුලින් ඇති වෙච්ච දේවල්. නුමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහොම පැහැදිලිව තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් තමන්ගේ රට සංවර්ධනය කරන්නට පියවර අරගෙන තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07