රටවල් 60කට අධික සංඛ්‍යාවක් පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීමට එකඟත්වය පළ කරයි

ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවක් මෙම දශකයේ දී පුනර්ජනනීය බලශක්තිය තුන් ගුණයකින් වැඩි කිරීමට ගනුදෙනු කිරීම ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; මෙම දශකය තුළ පුනර්ජනනීය බලශක්තිය තුන් ගුණයකින් වැඩි කිරීමට සහ ගල් අඟුරු ඉවත් කිරීමට යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මූලිකත්වය ගෙන ඇති ගනුදෙනුවකට මෙම රටවල් 60කට අධික සංඛ්‍යාව සිය එකඟත්වය පළ කර ඇති බවයි.

නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හි දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වාර්ෂික COP28 දේශගුණික සාකච්ඡාවලට පෙරාතුව EU, US සහ UAE ප්‍රතිඥාව සඳහා සහයෝගය ලබා ගැනීමට සමත් වීම ම විශේෂත්වයක්.

මෙම රටවල් 60 අතර, නයිජීරියාව, දකුණු අප්‍රිකාව සහ වියට්නාමය වැනි ආර්ථිකය නැගී එන රටවල් සේ ම ඔස්ට්‍රේලියාව, ජපානය සහ කැනඩාව වැනි සංවර්ධිත රටවල් ද ඒ අතර වනවා.

ඊට අමතර ව පේරු, චිලී, සැම්බියාව සහ බාබඩෝස් ඇතුළු තවත් රටවල් කිහිපයක් ද ඊට එක් ව ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය තහවුරු කර ඇත්තේ.

2030 වන තෙක් ලෝකයේ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ වාර්ෂික අනුපාතය 4% දක්වා දෙගුණ කිරීමට මෙම එකඟතාව පළ කළ රටවල් 60කට වැඩි සංඛ්‍යාව නව කෙටුම්පතකට අත්සන් කරනු ඇති.

නව ගල් අඟුරු බලාගාර සඳහා මූල්‍යකරණය අවසන් කිරීම ඇතුළු ව, පුනර්ජනනීය ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිතා කිරීමත් සමගින් “අනවසර ගල් අඟුරු බලය අඩුවීම” සමග අත්වැල් බැඳගත යුතු බවටයි එම කෙටුම්පතහි දැක්වෙන්නේ.

රොයිටර් පුවත් සේවයට වාර්තා කරන්නේ චීනය සහ ඉන්දියාව තවමත් මෙයට එකඟතාව පළ කර නොමැති බවයි.

ලෝකය වඩාත් දරුණු දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට නම් පිරිසිදු ශක්තිය වේගයෙන් ව්‍යාප්ත කිරීම සහ බලශක්ති අංශයේ CO2 විමෝචනය කරන පොසිල ඉන්ධන දහනය කිරීම ඉක්මනින් අඩු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද විද්‍යාඥයින් පෙන්වාදෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?