රටවල් 60කට අධික සංඛ්‍යාවක් පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීමට එකඟත්වය පළ කරයි

ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවක් මෙම දශකයේ දී පුනර්ජනනීය බලශක්තිය තුන් ගුණයකින් වැඩි කිරීමට ගනුදෙනු කිරීම ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; මෙම දශකය තුළ පුනර්ජනනීය බලශක්තිය තුන් ගුණයකින් වැඩි කිරීමට සහ ගල් අඟුරු ඉවත් කිරීමට යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මූලිකත්වය ගෙන ඇති ගනුදෙනුවකට මෙම රටවල් 60කට අධික සංඛ්‍යාව සිය එකඟත්වය පළ කර ඇති බවයි.

නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හි දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වාර්ෂික COP28 දේශගුණික සාකච්ඡාවලට පෙරාතුව EU, US සහ UAE ප්‍රතිඥාව සඳහා සහයෝගය ලබා ගැනීමට සමත් වීම ම විශේෂත්වයක්.

මෙම රටවල් 60 අතර, නයිජීරියාව, දකුණු අප්‍රිකාව සහ වියට්නාමය වැනි ආර්ථිකය නැගී එන රටවල් සේ ම ඔස්ට්‍රේලියාව, ජපානය සහ කැනඩාව වැනි සංවර්ධිත රටවල් ද ඒ අතර වනවා.

ඊට අමතර ව පේරු, චිලී, සැම්බියාව සහ බාබඩෝස් ඇතුළු තවත් රටවල් කිහිපයක් ද ඊට එක් ව ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය තහවුරු කර ඇත්තේ.

2030 වන තෙක් ලෝකයේ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ වාර්ෂික අනුපාතය 4% දක්වා දෙගුණ කිරීමට මෙම එකඟතාව පළ කළ රටවල් 60කට වැඩි සංඛ්‍යාව නව කෙටුම්පතකට අත්සන් කරනු ඇති.

නව ගල් අඟුරු බලාගාර සඳහා මූල්‍යකරණය අවසන් කිරීම ඇතුළු ව, පුනර්ජනනීය ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිතා කිරීමත් සමගින් “අනවසර ගල් අඟුරු බලය අඩුවීම” සමග අත්වැල් බැඳගත යුතු බවටයි එම කෙටුම්පතහි දැක්වෙන්නේ.

රොයිටර් පුවත් සේවයට වාර්තා කරන්නේ චීනය සහ ඉන්දියාව තවමත් මෙයට එකඟතාව පළ කර නොමැති බවයි.

ලෝකය වඩාත් දරුණු දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට නම් පිරිසිදු ශක්තිය වේගයෙන් ව්‍යාප්ත කිරීම සහ බලශක්ති අංශයේ CO2 විමෝචනය කරන පොසිල ඉන්ධන දහනය කිරීම ඉක්මනින් අඩු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද විද්‍යාඥයින් පෙන්වාදෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18