විස්සයි විස්ස ලෝක කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න

එළඹෙන ජුනි මස පළමු වනදා ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි දී ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා එක්වන ඉන්දීය සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ඉන්දීය ලෝක කුසලානය සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඉන්දීය සංචිතය පහතින්.

රෝහිත් ෂර්මා (නායක), යෂස්වි ජයිස්වාල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, රිෂාබ් පාන්ට්, සංජු සැම්සන්, හර්දික් පාණ්ඩ්‍යා, ශිවම් ඩුබේ, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, කුල්දීප් යාදෙව්, යුස්වේන්ද්‍ර චාහල්, අර්ෂ්දීප් සිං, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ්

අතිරේක ක්‍රීඩකයින් – ශුබ්මන් ගිල්, රින්කු සිං, ඛලීල් අහමඩ්, අවේෂ් ඛාන්



අපගේ නවතම වීඩියෝ පුවත්