මත්ස්‍ය සම්පත කොල්ලකෑම වැළැක්වීමට ගොනු කළ පෙත්සමේ වග උත්තරකරුවෙක් ලෙස විදේශ අමාත්‍යංශය නම් කෙරේ

දකුණු ඉන්දීය ධීවරයින් මෙරටේ උතුරු මුහුදු සීමාවට අයුතු ලෙස ඇතුළු වී බොටම් ට්‍රෝලින් නැමැති දැල් විශේෂයක් භාවිත කර මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය නම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝග කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ උතුරේ ධීවරයින් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ගංගා වාකිෂ්ටආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මුහුදු සීමා නිර්ණයට අදාළ ගිවිසුම අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව සඳහන් කර සිටියා.

ඒ සඳහා විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉතා වැදගත් බවයි ඇය සඳහන් කළේ.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාන් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස විදේශ අමාත්‍යාංශය නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස විදේශ අමාත්‍යාංශය නම් කිරීමට අවසර දුන් අතර නඩුව නැවත අගෝස්තු මස 05 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණය හමුවේ කියා සිටින්නේ දකුණු ඉන්දියානු ධීවරයින් හා එරට ධීවර සමාගම් මෙරටේ උතුරු මුහුදු සීමාවට ප්‍රවේශ වී “බොටම් ට්‍රෝලින්” නමැති තහනම් ආම්පන්න විශේෂයක් භාවිත කරමින් දේශීය මත්ස්‍ය සම්පත කොල්ලකෑමක නිරත වී සිටින බවයි.

මේ හේතුවෙන් උතුරු පළාතේ ධීවරයින් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් සෘජුවම දැඩි අගතියට පත්ව තිබෙනවා.

ඉන්දීය ධීවරයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාකලාපය නිසා මෙරට ආර්ථිකයට වාර්ෂිකව රුපියල් බිලියන 04ත් 07ක් අතර මුදලක් අහිමි වී යනවා.

මෙම නීති විරෝධී දැල් භාවිතාව නිසා මෙරට මුහුදු පරිසරයට ද විශාල අගතියක් සිදුවන බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මෙම දැල්වලට කුඩා මත්ස්‍ය පැටවුන් පවා බිළිවන අතර, ඒ හරහා මෙරට උතුරු මුහුදේ මත්ස්‍ය මෙන්ම ජලජ ජීවීන් බෝවීම අඩාලවීමක් සිදුවනවා.

මෙම නීති විරෝධී ක්‍රියාවන දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වුවහොත් උතුරු මුහුද මත්ස්‍ය සම්පත හීන කලාපයක් බවට පත්වීමේ අනතුරක් දක්නට තිබෙන බව පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ, අනුව ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වී නීති විරෝධී ආම්පන්න භාවිත කොට මසුන් මැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙවැනි නීති විරෝධී ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණ මසුන් මැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබා දෙන ලෙස ගුවන් හමුදාපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා, ධීවර අමාත්‍යවරයා, ගුවන් හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, නාවික හමුදාපතිවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05