එක්සත් රාජධානියේ බරම මිනිසා මෙලොව හැරයයි

එක්සත් රාජධානියේ බරම මිනිසා ලෙස සැලකෙන ජේසන් හෝල්ටන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහුගේ 34 වැනි උපන්දිනයට දින කිහිපයක් තිබිය දී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්ද්‍රිය ක්‍රියා විරහිත වීම සහ තරබාරුකම හේතුවෙන් හෝල්ටන් මිය ගොස් ඇති බවයි ඔහුගේ මරණ පරීක්ෂක වාර්තාවේ සඳහන් වන්නේ.

පසුගිය සෙනසුරාදා ඔහු ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 317ක් පමණ වූ බවයි වාර්තා වන්නේ.

හෝල්ටන්ගේ මව වන ලීසා පවසන්නේ අසනීප වූ තම පුතා ගිලන් රථ ඇමතුමකින් පසු ඔහුව සරේ ප්‍රාන්ත රෝහල වෙත ප්‍රවාහනය කිරීමට ගිනි නිවන භටයින් 06 දෙනෙකුගේ සහාය ද අවශ්‍ය වූ බවයි.

හෝල්ටන්ගේ වකුගඩු, ක්‍රියා කිරීම නැවැත්වූ පළමු ඉන්ද්‍රිය වී ඇති අතර, තම පුතා සතියක් ඇතුළත මිය යන බව වෛද්‍යවරුන් පැවසූ බව හෝල්ටන්ගේ මව වැඩිදුරටත් සඳහන් කළා.

ඔහුගේ අවසාන කාලයේ දී ඔහු ඇඳටම පමණක් සීමා වී සිට ඇති අතර, හුස්ම ගැනීමේ අපහසුතාව සමඟ ඔහු පොරබදමින් සිටි බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16