spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් රාජධානියේ බරම මිනිසා මෙලොව හැරයයි

එක්සත් රාජධානියේ බරම මිනිසා ලෙස සැලකෙන ජේසන් හෝල්ටන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහුගේ 34 වැනි උපන්දිනයට දින කිහිපයක් තිබිය දී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්ද්‍රිය ක්‍රියා විරහිත වීම සහ තරබාරුකම හේතුවෙන් හෝල්ටන් මිය ගොස් ඇති බවයි ඔහුගේ මරණ පරීක්ෂක වාර්තාවේ සඳහන් වන්නේ.

පසුගිය සෙනසුරාදා ඔහු ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 317ක් පමණ වූ බවයි වාර්තා වන්නේ.

හෝල්ටන්ගේ මව වන ලීසා පවසන්නේ අසනීප වූ තම පුතා ගිලන් රථ ඇමතුමකින් පසු ඔහුව සරේ ප්‍රාන්ත රෝහල වෙත ප්‍රවාහනය කිරීමට ගිනි නිවන භටයින් 06 දෙනෙකුගේ සහාය ද අවශ්‍ය වූ බවයි.

හෝල්ටන්ගේ වකුගඩු, ක්‍රියා කිරීම නැවැත්වූ පළමු ඉන්ද්‍රිය වී ඇති අතර, තම පුතා සතියක් ඇතුළත මිය යන බව වෛද්‍යවරුන් පැවසූ බව හෝල්ටන්ගේ මව වැඩිදුරටත් සඳහන් කළා.

ඔහුගේ අවසාන කාලයේ දී ඔහු ඇඳටම පමණක් සිමා වී සිට ඇති අතර, හුස්ම ගැනීමේ අපහසුතාව සමඟ ඔහු පොරබදමින් සිටි බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?