උතුරු මැද පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් – 22ක් අත්අඩංගුවට

උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයක් සිදුකළ රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් දින කීපයක සිට උතුරු මැද පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කළ අතර අද (06) දින පළාත් සභා ප්‍රධාන ගොඩනැගිල්ල අවහිර කරමින් උද්ඝෝෂණයක් පවත් වුණා.

මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළ සිට ඇති අතර, කිසිවෙකුට එම ගොඩනැගිල්ලට ඇතුළුවීමට හා පිටවීමට නොහැකි වන ආකාරයට උද්ඝෝෂකයින් විසින් දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතව තිබෙනවා.

මෙම උද්ඝෝෂණය නොපවත්වන ලෙස පොලිසිය මගින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර, එම ස්ථානයට පොලිසිය කැඳවා උද්ඝෝෂකයින් ඉවත් කිරීමට කටයුතු කළ ද එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගැනුණු උද්ඝෝෂකයින් අද (06) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05