දෙමාපියන්ගේ කර මතින් ගොස් ගෞරවය ලැබූ විදුහල්පතිනිය

වවුනියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ කමලඅම්බිගෙයි සොක්කලිංගම් මහත්මියගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් විදුහල්පතිනිය වෙත ගෞරවය පිරිනැමීමේ උත්සවයක් ඊයේ (03) විද්‍යාලයේදී පැවැත්විණ.

එහිදී විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් හා ගුරුවරුන් විසින් විදුහල්පතිනිය කර මතින් රැගෙන ගොස් ගෞරව පිරිනමා තිබෙනවා.

පැරණි දෝලාවක් වැනි පුටුවක් සකස් කොට ඒ මතින් විදුහල්පතිනිය පාසල වටා රැගෙන ගොස් ගෞරව දැක්වීමට විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් කටයුතු කර තිබුණා.

විදුහල්පතිනිය විද්‍යාලයේ සේවය කළ අවස්ථා කිහිපයකදීම වවුනියාව දිස්ත්‍රික්කයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බවයි දෙමාපියන් පවසන්නේ.

කිසිදු අතිරේක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා විද්‍යාලීය දරුවන් අධ්‍යාපනය නංවාලීමට විදුහල්පතිනිය නිරතුරුව කටයුතු කළ බැවින් විදුහල්පතිනිය විශ්‍රාම යන දිනයේ තමන්ගේ කර මතින් රැගෙන යාමට කටයුතු කළ බවඔවුන් පවසනවා.

මුදල මතම යැපෙන සමාජයක තම වැටුපෙන් කොටසක්ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට විදුහල්පතිනිය ඇතැම් අවස්ථාවල කටයුතු කොට ඇති බවයි දෙමාපියන් සඳහන් කරන්නේ.

විදුහල්පතිනිය එළැඹෙන 06 වැනිදා විශ්‍රාම යාම නිමිත්තෙන් දෙමාපියන් විසින් මෙම ගෞරව පිරිනැමීමේ වැඩසටහන සංවිධානය කොට තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30