20-20 ලෝක කුසලාන තරගාවලියට ත්‍රස්ත තර්ජනයක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලියේ දී කැරිබියන් දූපත්වලට ත්‍රස්ත තර්ජනයක් ඇති විය හැකි බව අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අයි.එස් කණ්ඩායමක් හරහා ලෝක කුසලානයට තර්ජනයක් විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග බරහිර ඉන්දීය දූපත් හි ඇන්ටිගුවා, බාබුඩා, බාබඩෝස්, ගයානා, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් ග්‍රෙනඩින්ස්, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ යන නගරවල පැවැත්වෙනවා.

ඊට අමතරව එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා, නිව් යෝර්ක් සහ ටෙක්සාස් යන නගරවල ද තරඟ පැවැත්වෙන නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන තරගවලට මෙම ත්‍රස්ත තර්ජනය නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජොනී ග්රේව්ස් පවසන්නේ හඳුනාගත් ඕනෑම අවදානමක් විසඳීම සඳහා ‘පුළුල් සහ ශක්තිමත් ආරක්ෂක සැලැස්මක්’ ක්‍රියාත්මක බවට සැමට සහතික විය හැකි බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජොනී ග්රේව්ස් පැවසුවේ,

“අයි.සී.සී. පිරිමි T20 ලෝක කුසලානයේදී සෑම දෙනාගේම ආරක්ෂාව සහ ආරක්ෂාව අපගේ අංක එකේ ප්‍රමුඛතාවය බව සියලු පාර්ශවකරුවන්ට සහතික කිරීමට අපට අවශ්‍ය වන අතර, පුළුල් සහ ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක වනවා.”

මේ අතර ක්‍රිකට් ලෝක කුසලානයට ඇති විය හැකි තර්ජන පිළිබඳව බලධාරීන් සොයා බලමින් සිටින බව කැරිබියන් මාධ්‍ය වාර්තා කරනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ජුනි මස 01 වැනිදා සිට 29 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40