ලිංගේන්ද්‍රියේ පන්දුවක් වැදී ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි ළමයා ජීවිතක්ෂයට (වීඩියෝ)

ක්‍රිකට් පන්දුවක් ලිංගේන්ද්‍රියේ වැදීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ හි ලොහේගෝන් ප්‍රදේශයේ 11 හැවිරිදි පිරිමි ළමයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ෂෞර්යා නැමැති මෙම ළමයා තවත් මිතුරන් කිහිප දෙනෙක් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිය දී පසුගිය සතියේ මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

අදාළ අනතුර සිදුවන ආකාරය අසළ තිබූ ආරක්‍ෂිත කැමරාවක ද සටහන්ව තිබූ අතර, එම සිදුවීමේ වීඩියෝව මේ වනවිට ඉන්දියාවේ සමාජ මාධ්‍ය පුරා සංසරණය වනවා.

ෂෞර්යා පන්දු යවමින් සිටිය දී පිතිකරුවෙක් එල්ල කළ පන්දු පහර ඔහුගේ ලිංගේන්ද්‍රියේ වැදෙන අතර, එම අවස්ථාවේ දී ඔහු සිහිසුන්ව බිම ඇඳ වැටෙන ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

අනතුරුව ඔහුව අසල රෝහලකට ගෙන යෑමට කටයුතු කර ඇති අතර, කෙසේ වෙතත් 11 හැවිරිදි ෂෞර්යාව බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57