spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වීසා ගැටලුවට ගුවන්තොටේ දී කලබලයක් ඇති පුද්ගලයාට හා නිලධාරීන්ට වැඩ වරදින ලකුණු

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අද (06) දින විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

මේ අතර පසුගිය පළමු වනදා වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති බව කියන නීතීඥ සඳරු කුමාරසිංහ නැමැත්තා අද (06) දිනයේ ප්‍රක්ෂයක් සටහන් කර ගැනීම වෙනුවෙන් ගුවන් තොටුපොළ පොලිසිය වෙත කැඳවා තිබුණා.

එහිදී ඔහුගෙන් පැය 01යි විනාඩි 40ක පාලම කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු නිදහස් කර තිබුණා.

එලෙස ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පොලිසියෙන් පිටතට පැමිණි නීතීඥ සඳරු කුමාරසිංහ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ තමන් එදින තම රුසියානු ජාතික පෙම්වතිය සමඟ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

එහිදී තමන් සහ ඇයට තිබූ දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් තමන් එලෙස අදහස් ප්‍රකාශ කළ බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

තමන්ගෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සුහදශීලී ලෙස ප්‍රශ්න කිරීම සිදුකර ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු
යළි පැමිණීමට අවශ්‍ය නොවන බව පොලිසිය තමන්ට දැනුම් දුන් බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?