රටම හඬවමින් නුවන්තිකා අවසන් ගමන් යයි

සිය පියාගේ හා බාප්පාගේ පහරකෑමට ලක්ව මියගිය බවට සැකකළ දැරියගේ අවසන් කටයුතු අද (24) සවස සිදුකිරීමට නියමිතය.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දේහය ඊයේ (23) රාත්‍රියේ නිවස වෙත රැගෙන විත් තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය සිව සුබ්‍රමනියම් මහතා විසින් සිදුකර විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.

අදාළ දැරියට එම දඬුවම ලබාදී ඇත්තේ ඥාති සොහොයුරියකගේ ප්‍රේම සම්බන්ධතාවකට දැරිය සහය ලබා දුන් බව කියන සිද්ධියක් මුල්කරගනිමින් බවට පසුගිය දා අනාවරණය වුණි.

පහරදීමෙන් මියගොස් ඇත්තේ ගම්පොළ මවුන්ට් ටෙම්පල් ජනපදයේ පදිංචිව සිටි 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර නැමති 9 වන වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියකි.

පසුගිය 13 වෙනිදා දැරියව ගම්පොළ අංගම්මන ප්‍රදේශයේ පිහිටි ඇගේ බාප්පාගේ නිවසට කැටුව ගොස් තිබුණේ බාප්පාගේ දියණියගේ හා මවගේ තනියට එහි නතර කිරීමේ අපේක්ෂාවෙනි.

දින කිහිපයක් එම නිවසේ ගත කළ ඇය ඉකුත් 19 වැනිදා නැවත සිය නිවසට රැගෙන විත් තිබුණි.

ඉන්පසුව ඇය කිහිප වරක්ම වමනය කර තිබු අතර ඇය නිවැසියන්ට පවසා තිබුණේ බාප්පා පහර දුන් බවය.

ඒ බාප්පාගේ දියණියගේ ප්‍රේම සම්බන්ධතාවක් ගැන තොරතුරු වසන් කළේ යැයි පවසමිනි.

පසුව 21වැනිදා ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර, එදින අලුයම දැරියගේ පියාද ඇයට පහර දීමක් සිදුකර තිබේ.

පසුව දැරිය රෝහල්ගත කිරීමට නිවැසියන් උත්සාහ කළ ද පියා ඊට ඉඩ දී නොමැති අතර එදින දහවල් 2ට පමණ දැරිය නිවසේම මියගොස් තිබුණි.

සිය නිවසේ තබා ඇති නුවන්තිකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ප්‍රදේශවාසීන් රැසක් පැමිණ සිටියහ.

සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වු නුවන්තිකාගේ වෙන්වීම ඇගේ සහෝදරියට දරා ගැනීමට නොහැකි වු කම්පනයකි.

නැගණියගේ මරණ පිළිබඳ අදහස් දැක්වු නුවන්තිකාගේ වැඩිමහල් සහෝදරිය,

“මගේ නංගි මාත් එක්ක තමා ඉස්කෝලේ ගියේ. නංගි 9 පන්තියේ ඉන්නේ. නංගි තනියම තමා ඉස්කෝලේ යන්නේ එන්නේ. මගේ නංගි ඉගෙන ගන්න දක්ෂයි. මගේ නංගිව ඉතින් එකතුවෙලා මැරුවා. බාප්පයි… තාත්තයි…තාත්තා ඉස්පිරිතාලෙට ගෙනියන්න දුන්නේ නෑ ඉස්පිරිතාලෙ ට. එපාම කිව්වා. මම වැඩ ඇරිලා ඇවිත් එක්කන් යන්න හැදුවා.. එපාම කිව්වා. ඔහොම හිටපුදෙන් කිව්වා. නංගිට ගැහුවත් එක්ක පාන්දර ඒ කරලා. නංගි මගෙන් අහනවා ඇයි අක්කේ හැමෝම මට ගහන්නේ කියලා….”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19