රටම අසන ප්‍රශ්ණයකට ගම්මන්පිලගෙන් හතරබීරි පිළිතුරක්

ඉන්ධන මිල ස්ථායීකරණය සඳහා කැබිනට් මණ්ඩලය යෝජනා කළ ආකාරයේ අරමුදලක් ක්‍රියාත්මක නොවූ බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (15) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.

අදාළ අරමුදල පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ අරමුදල පිළිබඳ කතාබහ මතු වූ කාලයේ දී තමන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු නොකළ බවයි.

මිල ස්ථායීකරණයට අරමුදල් පිහිටුවිය යුත්තේ තෙල් මිල පහත වැටුණු අවස්ථාවල දී බවත්, එලෙස අරමුදලක් පිහිටුවන බවට අමාත්‍ය මණ්ඩලය පැවසුවද එවැන්නක් ක්‍රියාත්මක නොවූ බවත් ඔහු එම මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

කෙසේ වෙතත් ගම්මන්පිල අමාත්‍යවරයා රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මීට පරස්පර අදහසක් පළ කොට සිටියා.

මිල ස්ථාවර කිරීමේ අරමුදල පිළිබඳ අදාළ නාලිකාවේ නිවේදන මහතා විසින් විමසා සිටි අතර එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එවැනි අරමුදලක් පිහිටවූ බවයි.

මිල ස්ථාවර කිරීමේ අරමුදල යනුවෙන් අරමුදලක් තැනූ බවත්, එයට රුපියල් බිලියන 48ක් දැමූ බවත් ඔහු එහි දී සඳහන් කළා.

තෙල් සංස්ථාව කෝටි හැටදහසක් ණය වී සිටින බව පැවසූ ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම ණයවලින් කොටසක්  සඳහා අරමුදලේ තිබූ බිලියන 48 රාජ්‍ය බැංකු දෙකකට ගෙවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47