spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටම අසන ප්‍රශ්ණයකට ගම්මන්පිලගෙන් හතරබීරි පිළිතුරක්

ඉන්ධන මිල ස්ථායීකරණය සඳහා කැබිනට් මණ්ඩලය යෝජනා කළ ආකාරයේ අරමුදලක් ක්‍රියාත්මක නොවූ බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (15) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.

අදාළ අරමුදල පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ අරමුදල පිළිබඳ කතාබහ මතු වූ කාලයේ දී තමන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු නොකළ බවයි.

මිල ස්ථායීකරණයට අරමුදල් පිහිටුවිය යුත්තේ තෙල් මිල පහත වැටුණු අවස්ථාවල දී බවත්, එලෙස අරමුදලක් පිහිටුවන බවට අමාත්‍ය මණ්ඩලය පැවසුවද එවැන්නක් ක්‍රියාත්මක නොවූ බවත් ඔහු එම මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

කෙසේ වෙතත් ගම්මන්පිල අමාත්‍යවරයා රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මීට පරස්පර අදහසක් පළ කොට සිටියා.

මිල ස්ථාවර කිරීමේ අරමුදල පිළිබඳ අදාළ නාලිකාවේ නිවේදන මහතා විසින් විමසා සිටි අතර එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එවැනි අරමුදලක් පිහිටවූ බවයි.

මිල ස්ථාවර කිරීමේ අරමුදල යනුවෙන් අරමුදලක් තැනූ බවත්, එයට රුපියල් බිලියන 48ක් දැමූ බවත් ඔහු එහි දී සඳහන් කළා.

තෙල් සංස්ථාව කෝටි හැටදහසක් ණය වී සිටින බව පැවසූ ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම ණයවලින් කොටසක්  සඳහා අරමුදලේ තිබූ බිලියන 48 රාජ්‍ය බැංකු දෙකකට ගෙවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?