AFC Banner
AFC Banner
Empty Ad

රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍යයි – විදේශ ඇමති

ඉතිහාසයේ ප්‍රථම වරට මෙම වසරේ දී මිලියන 2.5ක සංචාකරකයින් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සංචාරකයින්ගේ පැමිණීම සැලකීමේ දී අදාළ ඉලක්කය පහසුවෙන් සුපරා ගැනීමට හැකිවන තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්ට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මහනුවර මුස්ලිම් වෙළෙඳ සංගමයේ තිස්වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ (24) පැවැති උත්සවකයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

විදේශ සංචාරකියින් ලක්ෂ 15ක් පසුගිය වසරේ දී මෙරටට පැමිණි බවත්, එම වසරේ ජනවාරි මස සංචාරකයින් ලක්ෂයක් පැමිණෙද් දී පසුගිය ජනවාරියේ දී සංචාරකයින් දෙලක්ෂ දසදහසක් පැමිණ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2023 පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාකරයින්ගේ මුළු සංඛ්‍යාව මෙම වසරේ පෙබරවාරියේ මුල් දින 10 තුළදීම ආවරණය වී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර රට ක්‍රමානුකූලව ස්ථාවරත්වයට පත් කෙරෙන මෙම පාලනය වෙනුවට වෙනත් පාලනයක් ස්ථාපිත කරන්නට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් රට පවතින තත්ත්වයෙන් ඉදිරියට ගෙන යෑම සඳහා වන ආර්ථික දැක්ම ඔවුන් රටට හෙළි කළ යුතු බව ද පහු මෙම අවස්ථාවේ දී පැවසුවා.

එමෙන්ම මෙරට රාජ්‍ය සේවය රටට ඉතා විශාල බරක් බවත් එහි ප්‍රතිසංස්කරණ රැසක් සිදුවිය යුතුව තිබෙන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?