රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍යයි – විදේශ ඇමති

ඉතිහාසයේ ප්‍රථම වරට මෙම වසරේ දී මිලියන 2.5ක සංචාකරකයින් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සංචාරකයින්ගේ පැමිණීම සැලකීමේ දී අදාළ ඉලක්කය පහසුවෙන් සුපරා ගැනීමට හැකිවන තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්ට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මහනුවර මුස්ලිම් වෙළෙඳ සංගමයේ තිස්වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ (24) පැවැති උත්සවකයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

විදේශ සංචාරකියින් ලක්ෂ 15ක් පසුගිය වසරේ දී මෙරටට පැමිණි බවත්, එම වසරේ ජනවාරි මස සංචාරකයින් ලක්ෂයක් පැමිණෙද් දී පසුගිය ජනවාරියේ දී සංචාරකයින් දෙලක්ෂ දසදහසක් පැමිණ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2023 පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාකරයින්ගේ මුළු සංඛ්‍යාව මෙම වසරේ පෙබරවාරියේ මුල් දින 10 තුළදීම ආවරණය වී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර රට ක්‍රමානුකූලව ස්ථාවරත්වයට පත් කෙරෙන මෙම පාලනය වෙනුවට වෙනත් පාලනයක් ස්ථාපිත කරන්නට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් රට පවතින තත්ත්වයෙන් ඉදිරියට ගෙන යෑම සඳහා වන ආර්ථික දැක්ම ඔවුන් රටට හෙළි කළ යුතු බව ද පහු මෙම අවස්ථාවේ දී පැවසුවා.

එමෙන්ම මෙරට රාජ්‍ය සේවය රටට ඉතා විශාල බරක් බවත් එහි ප්‍රතිසංස්කරණ රැසක් සිදුවිය යුතුව තිබෙන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14