රජ සැප හැර දා සියල්ලන්ම පුදුම කරමින් තම පෙම්වතා විවාහ කර ගත් රජ කුමරිය

ජපාන අධිරාජයාගේ මිණිපිරිය, මාකෝ කුමරිය ඇයගේ පාසල් මිතුරා වන කී කමුරෝ සමග විවාහ වී රජ පවුලෙන් නික්මුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට වසර 4කට පමණ පෙර ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණා.

කී කමුරෝ ගේ මව විශාල මුදල් වංචාවකට සම්බන්ධ බව වාර්තා වීමත් සමග විවාහය කල් දැමුණා. ඔවුන්ගේ විවාහය ඉතා චාම් අයුරින් පැවැත්වුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එරට සාමාන්‍ය සම්ප්‍රධාය අනුව ජපාන රාජකීය පවුලේ කාන්තාවක් සාමාන්‍ය පුද්ගලයෙක් විවාහ කර ගැනීමෙන් පසු සාමාන්‍ය වැසියෙක් බවට පත් වනවා.

එවිට අමෙරිකානු ඩොලර් 1.3ක මුදලක් ලබාදෙනු ලබන අතර , මාකෝ එය ද ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්. රාජකීය පවුල සහ මුදල ප්‍රතික්ෂේප කළ රාජකීය පවුලේ පළමු කාන්තා සාමාජිකාව ඇයයි.

විවාහයෙන් පසු මාකෝ කුමරියගේ ස්වාමියා වන කොමුරෝ , නීතිඥයෙකු ලෙස සේවය කිරීම සඳහා ඇමරිකාවට යාමට නියමිතයි. මෙම සිද්ධිය ,ජපාන වැසියන් හඳුන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීයන් වන හැරී – මේගන් රජ පවුලෙන් නික්මීම හා සංසන්දනය කරමින්.

නව යුවලට මේ වන විටත් “ජපානයේ හැරී සහ මේගන්” යන අන්වර්ථ නාමය පටබැඳී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10