spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජ සැප හැර දා සියල්ලන්ම පුදුම කරමින් තම පෙම්වතා විවාහ කර ගත් රජ කුමරිය

ජපාන අධිරාජයාගේ මිණිපිරිය, මාකෝ කුමරිය ඇයගේ පාසල් මිතුරා වන කී කමුරෝ සමග විවාහ වී රජ පවුලෙන් නික්මුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට වසර 4කට පමණ පෙර ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණා.

කී කමුරෝ ගේ මව විශාල මුදල් වංචාවකට සම්බන්ධ බව වාර්තා වීමත් සමග විවාහය කල් දැමුණා. ඔවුන්ගේ විවාහය ඉතා චාම් අයුරින් පැවැත්වුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එරට සාමාන්‍ය සම්ප්‍රධාය අනුව ජපාන රාජකීය පවුලේ කාන්තාවක් සාමාන්‍ය පුද්ගලයෙක් විවාහ කර ගැනීමෙන් පසු සාමාන්‍ය වැසියෙක් බවට පත් වනවා.

එවිට අමෙරිකානු ඩොලර් 1.3ක මුදලක් ලබාදෙනු ලබන අතර , මාකෝ එය ද ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්. රාජකීය පවුල සහ මුදල ප්‍රතික්ෂේප කළ රාජකීය පවුලේ පළමු කාන්තා සාමාජිකාව ඇයයි.

විවාහයෙන් පසු මාකෝ කුමරියගේ ස්වාමියා වන කොමුරෝ , නීතිඥයෙකු ලෙස සේවය කිරීම සඳහා ඇමරිකාවට යාමට නියමිතයි. මෙම සිද්ධිය ,ජපාන වැසියන් හඳුන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීයන් වන හැරී – මේගන් රජ පවුලෙන් නික්මීම හා සංසන්දනය කරමින්.

නව යුවලට මේ වන විටත් “ජපානයේ හැරී සහ මේගන්” යන අන්වර්ථ නාමය පටබැඳී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?