රජ කාලේ දඬුවම් දුන් විදුහල්පති නිසා සිසුන් රෝහලේ

විදුහල්පතිවරයාගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඬුවමක් ලබාදීම හේතුවෙන්; එම දඬුවම ලැබූ ළමුන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම නාවලපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය – රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ලබා දී ඇති බවයි.

එම පාසලේ 11 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් අද දින දිවා ආහාරය කෑම ඔතන පොලිතින්වල දමා එය පත්තර පිටුවකින් ඔතාගෙන පැමිණ තිබෙනවා.

මෙම සිදුවීම සිදු වූ පන්තියේ සිසුන් 33 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර; පොලිතින්වල දමා පත්තර පිටුවලින් ඔතා සිසුන් 07 දෙනෙකු කෑම රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

එම සිසුන් හත්දෙනා විවේක කාලයේ දී දිවා ආහාර ලබා ගැනීමෙන් අනතුරුව රැගෙන එන ලද පොලිතින් සහ පත්තර පිටු නැවත නිවසට රැගෙන යාමට පාසල් බෑගයට දමාගෙන සිටියදී එම ස්ථානයට පැමිණි විදුහල්පතිවරයා ඒවා ඉවතට ගෙන ළමුන් හත්දෙනාටම එම මොහොතේ ම සපා කන ලෙස උපදෙස් ලබාදුන්නේ යැයි චෝදනාවක් එල්ල වී තිබෙනවා.

විදුහල්පතිවරයාගේ උපදෙස් මත සිසුන් හත්දෙනා විසින් පොලිතින් සහ පත්තර අනුභව කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේ පොලිතින් සහ පත්තර අනුභව කළ ළමුන් හත්දෙනා අතරින් එක් ළමයෙකු ඊයේ සහ අද දින පස්වරුවේ උදරයේ අමාරුව, වමනය, උගුරේ අමාරුව යන රෝග ලක්ෂණ සහිත ව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඔවුන්ගේ දෙමාපියන් විසින් ඇතුළත් කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුවෙකුගේ පියා විසින් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
3
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46