රජ කාලේ දඬුවම් දුන් විදුහල්පති නිසා සිසුන් රෝහලේ

විදුහල්පතිවරයාගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඬුවමක් ලබාදීම හේතුවෙන්; එම දඬුවම ලැබූ ළමුන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම නාවලපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය – රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ලබා දී ඇති බවයි.

එම පාසලේ 11 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් අද දින දිවා ආහාරය කෑම ඔතන පොලිතින්වල දමා එය පත්තර පිටුවකින් ඔතාගෙන පැමිණ තිබෙනවා.

මෙම සිදුවීම සිදු වූ පන්තියේ සිසුන් 33 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර; පොලිතින්වල දමා පත්තර පිටුවලින් ඔතා සිසුන් 07 දෙනෙකු කෑම රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

එම සිසුන් හත්දෙනා විවේක කාලයේ දී දිවා ආහාර ලබා ගැනීමෙන් අනතුරුව රැගෙන එන ලද පොලිතින් සහ පත්තර පිටු නැවත නිවසට රැගෙන යාමට පාසල් බෑගයට දමාගෙන සිටියදී එම ස්ථානයට පැමිණි විදුහල්පතිවරයා ඒවා ඉවතට ගෙන ළමුන් හත්දෙනාටම එම මොහොතේ ම සපා කන ලෙස උපදෙස් ලබාදුන්නේ යැයි චෝදනාවක් එල්ල වී තිබෙනවා.

විදුහල්පතිවරයාගේ උපදෙස් මත සිසුන් හත්දෙනා විසින් පොලිතින් සහ පත්තර අනුභව කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේ පොලිතින් සහ පත්තර අනුභව කළ ළමුන් හත්දෙනා අතරින් එක් ළමයෙකු ඊයේ සහ අද දින පස්වරුවේ උදරයේ අමාරුව, වමනය, උගුරේ අමාරුව යන රෝග ලක්ෂණ සහිත ව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඔවුන්ගේ දෙමාපියන් විසින් ඇතුළත් කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුවෙකුගේ පියා විසින් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
3
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?