රජරට රැජිණ දුම්රියේ ගින්නක් (වීඩියෝ)

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (25) අලුයම 5.00ට අනුරාධපුරයෙන් පිටත් වූ දුම්රියේ අනුරාධපුර නවනගරයට ආසන්නව දහයියාගම ප්‍රදේශයේ දී මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

දුම්රියේ එන්ජිමේ මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමෙන් අනතුරුව එය යළි ධාවනයට එක් කිරීමට කටයුතු කර තිබුණා.

මේ හේතුවෙන් එම දුම්රිය පැය කිහිපයක් ප්‍රමාද වී බෙලිඅත්ත බලා යළි ධාවනය ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?