Empty Ad
AFC Banner
Empty Ad

රජයේ බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනගේ නඩුවක් කල් යයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව කැඳවීමට නියමිතව තිබූ නඩු විභාගය ලබන ජුනි 12 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය නියෝගය කර තිබෙනවා.

ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විදේශගත වී සිටීම සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ සීමිත විරෝධතා විනිසුරුවරුන් වෙත නොලැබීම හේතුවෙන්.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම නඩුව අද (27) කැඳවනු ලැබුවා.

පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළ ව තොරතුරු ලැබී තිබියදීත් ප්‍රමාණවත් ලෙස එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස නියෝගයක් ඉල්ලමින් මෙම නඩුව පවරා තිබෙනවා.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූවකුගේ පියකු විසින් මෙම නඩුව ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?