රජයේ දොස්තරලා හෙට උදේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

බාහිර ඔසුසල්වලින් මිලදී ගත යුතු ඖෂධ නියම කිරීම සහ බාහිර රසායනාගාරවලින් කළ යුතු පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු තෝරාගත් සේවාවන් කිහිපයක් හෙට (17) දිනයේ සිට සීමා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සිය අයවැය යෝජනා සම්බන්ධයෙන් මෙවර අයවැයේ දී රජය කිසිඳු අවදානයක් යොමු නොකිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට වෛද්‍යවරුන් එළඹෙන බවයි එම සංගමය සඳහන් කළේ.

ඒ අනුව හෙට (17) උදෑසන 8.00 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි රජයේ වෛද්‍යවරුන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?