රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් සහාය ලබාදීමට ගේට්ස් පදනම සහතික වෙයි (නිවේදනය)

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනපති කාර්‍යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ගේට්ස් පදනම මගින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෘෂිකර්මාන්තය නගා සිටුවීම, පාසල් දිවා ආහාරය ලබාදීම ඇතුළු මෙරට ළමුන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මානව සම්පත් සංවර්ධන, පශු සම්පත්, දේශගුණුක විපර්‍යාස ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?