රජයෙන් ජනතාවට නොමිලේ තේ පැල

වගා කිරීමට කැමැති ඕනෑම වගාකරුවෙකුට ලබන වසරේ සිට තේ පැල නොමිලයේ ලබාදීමට කටයුතු කරන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

එමෙන්ම බිම් සකස් කිරීම සඳහා මුල්‍ය සහනාධාර ලබා දීමට නියමිතයි.

සාම්ප්‍රදායික ක්‍රම මගින් වැඩි තේ අස්වැන්නක් ලබාගත නොහැකි බවත් නව ක්‍රමවේදවලට යොමු විය යුතු බවත් අමාත්‍යවරයා පවසනවා. එමෙන්ම අතින් දළු නෙලීම වෙනුවට යන්ත්‍ර මගින් දළු නෙළීිමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

නව වගාවට යොමුවීමේදී දැනට භාවිතයට නොගන්නා මුඩු ඉඩම් තේ වගාවට යොදා ගැනීමට නියමිත බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පැවසුවේ. මෙම ව්‍යාපෘතිය ලබන වසරේ මුල සිට ආරම්භ කිරීමට නියමිතයි.

අමාත්‍යවරයා පැවසුවේ දැනට පවතින ක්‍රමවේදයට අනුව අස්වැන්න ලබා ගැනීමට අවුරුදු තුන හමාරක් 4 ක් පමණ කාලයක් ගත වන බවයි.

මේ හේතුවෙන් වගාකරුවන් අධෛර්යට පත් වී ඇති බැවින් මෙම නව ක්‍රමවේදයට අනුව වගාකරුවන් තේ වගා කිරීමට ඉදිරිපත් වනු ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම මෙම වගා ක්‍රමයට යොමුවීම තුලින් ඉදිරි වසර තුන ඇතුළත මෙරට තේ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට හැකි වනු ඇති බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08