spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයෙන් ජනතාවට නොමිලේ තේ පැල

වගා කිරීමට කැමැති ඕනෑම වගාකරුවෙකුට ලබන වසරේ සිට තේ පැල නොමිලයේ ලබාදීමට කටයුතු කරන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

එමෙන්ම බිම් සකස් කිරීම සඳහා මුල්‍ය සහනාධාර ලබා දීමට නියමිතයි.

සාම්ප්‍රදායික ක්‍රම මගින් වැඩි තේ අස්වැන්නක් ලබාගත නොහැකි බවත් නව ක්‍රමවේදවලට යොමු විය යුතු බවත් අමාත්‍යවරයා පවසනවා. එමෙන්ම අතින් දළු නෙලීම වෙනුවට යන්ත්‍ර මගින් දළු නෙළීිමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

නව වගාවට යොමුවීමේදී දැනට භාවිතයට නොගන්නා මුඩු ඉඩම් තේ වගාවට යොදා ගැනීමට නියමිත බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පැවසුවේ. මෙම ව්‍යාපෘතිය ලබන වසරේ මුල සිට ආරම්භ කිරීමට නියමිතයි.

අමාත්‍යවරයා පැවසුවේ දැනට පවතින ක්‍රමවේදයට අනුව අස්වැන්න ලබා ගැනීමට අවුරුදු තුන හමාරක් 4 ක් පමණ කාලයක් ගත වන බවයි.

මේ හේතුවෙන් වගාකරුවන් අධෛර්යට පත් වී ඇති බැවින් මෙම නව ක්‍රමවේදයට අනුව වගාකරුවන් තේ වගා කිරීමට ඉදිරිපත් වනු ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම මෙම වගා ක්‍රමයට යොමුවීම තුලින් ඉදිරි වසර තුන ඇතුළත මෙරට තේ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට හැකි වනු ඇති බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?