රජයට එරෙහි විරෝධතා රැලිය හා පා ගමන අද

රජයට එරෙහි විරෝධතා රැලිය සහ පා ගමන අද (02 ) කොළඹදී පැවැත්වේ.

ඒ සදහා වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය එකමුතුව අද සවස 3.000 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් විරෝධතා පා ගමන ආරම්භ වෙයි.

මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගීසිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන මැයෙන් මෙම රැලිය සංවිධානය කර තිබේ.

මෙම විරෝධතාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, තරුණ නීතිඥයන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් සහාය පළ කරන බව එම සංවිධායකයෝ පවසයි.

එමෙන්ම සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස් ජාතික සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් සහ එහි නායකයන් ද මෙම විරෝධතාවට සහභාගි වීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?