අපරාධ හඳුනාගැනීම සහ විමර්ශන 50%-60% කින් ඉහළට – පොලිස්පති

අපරාධ පරීක්ෂණ සහ අපරාධ හඳුනා ගැනීම සීයයට 50 – 60 කින් ඉහළ ගොස් ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) සහභාගී වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පසුගිය වසරේ සිදුකරන ලද වැටලීම්වල දී වැඩිම අවි ආයුධ සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එය 2024 දී වාර්තා වූ ප්‍රමාණය මෙන් දෙගුණයක් බව පොලිස්පතිවරයා තවදුරටත් පැවසුවා.

එමෙන්ම 2025 වසරේ දී සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් 2024 වසරේ දී සිදු කරන ලද වැටලීම්වලට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අවම මට්ටමක පවතින අවස්ථාවක මෙම වැටලීම් සහ විමර්ශන සිදුකර පොලිසියේ කාර්ය සාධනය ඉහළ දැමීමට මෙලෙස කටයුතු කර ඇති බවයි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53