දකුණු කොරියානුවන්ට ලංකාවෙන් තරුණියන් ආනයනය කරන්න යෝජනාවක්

දකුණු කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනගහන පහත වැටීමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් ස වියට්නාමයෙන් තරුණ කාන්තාවන් කන්‍යාවන් ආනයනය කළ යුතු බව ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ පවසා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මතභේදයට තුඩු දී ඇති මෙම ප්‍රකාශයට ආණ්ඩුකාරවරයා නිල වශයෙන් සමාව අයැද සිටි බවයි.

ඔහු සමාව අයදිමින් පැහැදිලි කර ඇත්තේ, කිසිදු නිශ්චිත රටක් හෝ පුද්ගලයෙකු අවමානයට ලක් කිරීමේ අදහසක් තමන්ට නොතිබුණු බවයි.

ග්‍රාමීය ප්‍රදේශවල දැඩි ජනගහන පහත වැටීමක් පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ, නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ග්වාංජු මෙට්‍රොපොලිටන් නගරය සමඟ පළාතේ නගර සහ ප්‍රාන්ත නවයක් පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටිය දී ඔහු මෙම ප්‍රකාශය කර තිබෙනවා.

සාකච්ඡාව අතරතුර, කිම් හී-සූ ප්‍රකාශ කළේ, රට පුරා ජනගහනය අඩුවන කලාප 89න් 20%ක් දකුණු ජියෝල්ලා හි බවයි.

එමෙන්ම ග්වාංජු සහ දකුණු ජියෝල්ලා ඒකාබද්ධ වූ විට, ජනගහන පහත වැටීමට එරෙහිව පියවර නීතිගත කළ යුතු බවත්, ග්‍රාමීය තනිකඩයන් විවාහ කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් හෝ වියට්නාමයෙන් තරුණ මනාලියන් ආනයනය කිරීමට ක්‍රියාවලියක් සැකසිය යුතු බවයි ඔහු පවසා ඇත්තේ.

කෙසේ වෙතත් විදේශීය කාන්තාවන් පහත්කොට මෙලෙස බරපතල ආකාරයෙන් විවේචනයට ලක් කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ අංශවලින් බලපෑම් සහ විරෝධතා එල්ලවන මොහොතෙයි ඔහු සමාව ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25