හොරණ – කොළඹ බස් වර්ජනය අදත් – ”මොන වර්ජන කළත් දාපු බස් එක ඉවත් කර ගන්නේ නැහැ”

මාර්ග අංක 120 හොරණ – කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අද (03) දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා.

අධිවේගී මාර්ගය ඔස්සේ හොරණ සිට කොළඹ කොටුව දක්වා බස් රථ දෙකක් සඳහා අවසර ලබාදීමට විරෝධය පා මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.

මාර්ග අංක 120 සාමාන්‍ය බස් මාර්ගයෙන් කොළඹට යෑමට වැඩි කාලයක් ගතවීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ බස් රථ යෙදවීමට කටයුතු කළ බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ සඳහන් කළේ.

නියමිත ටෙන්ඩර් පටිපාටියක් සිදුකර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කහතුඩුව අධිවේගී පිවිසුම හරහා පෑලියගොඩින් කොළඹට යෑමට බස් රථ දෙකක් යොදාවා ඇති බවත්, ඉන් එක් බස් රථයක් මේ වන විට ධාවනය වන අතර එම බස් රථය ධාවනය කිරීමට විරුද්ධව මෙම වර්ජනයක් සිදුකරන බවයි සභාපතිවරයා පැවසුවේ.

කුමන වර්ජන ක්‍රියාත්මක කළ ද අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය කරන බස් රථය ඉවත් කර නොගන්නා බවයි සභාපතිවරයා අවධාරණය කළේ.

  1. උන්ට ඕන විදියට නටන්නට දෙන්න ඵපා,සභාපති තුමනි,මේ ස්ටුයික් කරන උන්ගේ…..පර්මිට් අවලංගු කරන්න හොරණට මුන්ගේ බස්වලපැය,11/2 විතර යනවා කොලබ යන්න මෙය ඉතාමත්ම කාලෝචිතයි

  2. 120න් කහතුඩුව හරහත් highway බස් යොදවන්න. හොරණ -මාලඹේ, හොරණ-කෝට්ටේ, හොරණ-බොරැල්ල ‘හොරණ -කටුනායකට බස් යොදවන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39