නිදහස් සැමරුම සාමාන්‍ය සරල උත්සවයක් නොවේ – මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

නිදහස් දිනය යනු අප මාතෘ භූමියට නිදහස උදා කර ගැනීමේ මතක සැමරුම බවත් ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැමගේ ස්වාභිමානයේ සැමරුම බවත් හිටපු ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙනවා.

එය සාමාන්‍ය සරල උත්සවයක් නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

”1815 මාර්තු 02වන දින බිම හෙළු අප මාතෘ භූමියේ ධජය නැවත ඔසවනු ලැබූයේ 1948 පෙබරවාරි පැවති ප්‍රථම නිදහස් දින සැමරුම් උත්සවයේදීය. ඉතිහාසයේ සඳහන් වූ සහ නොවූ මාතෘ භූමිය වෙනුවෙන් ජීවත් වූ සහ මියගිය අභීත මිනිසුන් රැසකගේ කැප කිරීම් මතින් සිංහ ධජය නැවතත් මාතෘ භූමිය මත ලෙළදිණි.

මා ජනාධිපති ධුරය දරනු ලැබූ කාල පරාසය තුළ පැවති නිදහස් දින සැමරුම්හි දී ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් යුතුව එසවූයේ එම ජාතික ධජයයි.

ඒකීය රටක් තුළ මා අභිමානයෙන් යුතුව එසවූයේ භේදයකින් තොරව අප දේශයේ සියලු ජනතාව නියෝජනය කරනු ලබන ජාතික ධජයයි. ජනතාව ඉදිරියේ ජන අධිපති ලෙස ද, රට රකින නිල දරුවන් ඉදිරියේ සේනාධිනායකයා ලෙස ද ජාතික ධජය එසවූ එම සෑම අවස්ථාවක දීම මට මගේ රට පිළිබඳව දැනුණු අභිමානය වචනයෙන් විස්තර කළ නොහැක.

තමා උපන් රටට ආදරය සහ ගෞරව ‌කරන ජාතික නායකයෙකුට මෙය දැනිය යුතුම ය.

අභිමානයෙන් යුතුව තම රට ගැන සිතීම, එක් අතකින් තමා උපන් භූමියට සහ තමා නියෝජනය කරනු ලබන පුරවැසියන්ට සිදු කරනු ලබන ගෞරවයකි.

නිදහස් සටනට පුරෝගාමී වූ දේශප්‍රේමීන් මා අද දිනයේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. සිංහල, දෙමළ, මුස්ලිම් යන සැම එක්ව නිදහස් දේශයක් දිනා ගත්හ.

දේශ, ජාති, ශාසන හිතෛෂීහු විශාල පිරිසක් නිදහස් සටනට එක්වූහ.

චීවරය දරාගත් කඩහපොළ හිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, රත්මලාගේ ධර්මාරාම හිමියන්, පැළෑනේ වජිරඥාන හිමියන් ඇතුළු අප ගෞරවනීය සංඝ පරම්පරාව මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහ.

දේශීයත්වය ගිලිහී යන්නට ඉඩ නොදී අප උරුමය රැක ගනු ලැබූවේ උන්වහන්සේලාය. ඇස්.ජී. පෙරේරා පියතුමා වැනි පියතුමන්ලා ද ආගමික භේදයකින් තොරව නිදහස වෙනුවෙන් කටයුතු කළ අතර මොනරවිල කැප්පෙටිපොළ, මඩුගල්ලේ, ඇහැළෙපොළ, කිවුලෙගෙදර මොහොට්ටාල, පුරන්අප්පු, ගොන්ගාලෙගොඩ බණ්ඩා, ඞී.බී. ජයතිලක වැනි දේශ හිතේශීන් නිදහස් සටන මෙහෙයවූහ. ඇෆ්.ආර්.සේනානායක, ඩී.ඇස්. සේනානායක, ඩී.ආර්.විජයවර්ධන, පොන්නම්බලම් අරුණාචලම්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, පිලිප් ගුණවර්ධන වැනි දේශපාලන නායකයින් ද සැබෑ නිදහස වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබා දුන්හ.

ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමි, ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා වැනි විදේශිකයින් ද අප රටෙහි නිදහස් ව්‍යාපාරයට වෙනුවෙන් තම දායකත්වය ලබා දුන්හ.

සියවස් 4ක කාලයකටත් වඩා වැඩි විදේශ පාලනයකින් අනතුරුව නිදහස ලබා ගත් අපට අභියෝග රැසකට මුහුණ දීමට සිදු විණි. 1998 වසරේ නිදහස් උත්සවය මහනුවර දී පැවැත්වීමට නියමිතව තිබුණ ද ත්‍රස්තවාදීන් ශ්‍රී දළදා මාලිගය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කිරීම හේතුවෙන් එම නිදහස් උළෙල කොළඹ පැවැත්විණි.

එහෙත්, ඉන් වසර ගණනාවකට අනතුරුව ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ 2010 වසරේ 62 වන නිදහස් සමරුව මහනුවර ශ්‍රී දළදා මාළිග පරිශ්‍රයේ සමරන ලදී.

එය මා මතකයේ හොඳින් පවතී. සියවස් ගණනක් වූ යටත් විජිත පාලනයෙන් ද, ජීවන නිදහස අහිමි කළ කුරිරු යුද්ධයෙන් ද අපි ජයග්‍රහණය කළෙමු. නොනැසී පැවතී ධෛර්යය සහ ජීවිත පරිත්‍යාගයන් එම ජයග්‍රහණයන්ට හේතු වූහ.

නිදහස් දිනය යනු අප මාතෘ භූමියට නිදහස උදා කර ගැනීමේ මතක සැමරුමයි. ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැමගේ ස්වාභිමානයේ සැමරුමයි.

එය සාමාන්‍ය සරල උත්සවයක් නොවේ.

එය දේශයක අභිමානය ලොවට විදහා පාන අවස්ථාවයි. නිදහස් පොළොවක් දිනා දීම වෙනුවෙන් බොහෝ දේ විඳ දරාගත් අතීත මිනිසුන් සිහිපත් කරන දිනයයි. නිදහස් අභිමතාර්ථ වෙනුවෙන් කැප කිරීම් කළ විරුවන් අගයන දිනයයි. රට රකින ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු නිල දරුවන්ගේ වීරත්වය සහ අභිමානය විඳින මෙන් ම එම වීරත්වයට ගරු කරන දිනයයි. උපන් බිමට ආදරය කිරීමට දරුවන්ට කියා දෙන අවස්ථාවයි. මෙම 78 වන නිදහස් සමරු දිනයේ දී ප්‍රෞඪ අභීත ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ආදරණීය මගේ ජනතාවට නිදහස් සහ ගෞරවනීය ජාතියක් ලෙස ඉදිරියට යාමට සුබ පැතුම් පිරිනමමි. මාතෘ භූමියට ජය..” යැයි ඔහු සිය සුබපැතුමේ සඳහන් කර තිබෙනවා.

  1. අතට කීයක් හරි හොයාගන්න සුනාමියෙනුත් ගසා කෑ රාජපක්ෂ පවුලට නිදහස් උත්සවය විතරක් නෙමෙයි බළල් මල පහක් හරි කමක් නැහැ

    • මචෝ, උබ මර බෙට්ට පස්සෙන් එලියට පැනල තිබුණ වෙලාවේ, එතුමා එඩිතරව රණවිරුවන් , ත්‍රිවිධ
      හමුදාව යොදවල රට මුදව ගත්තා !
      එහෙම නොඋනා නම් අද රට පලස්තීනෙ වගේ යුද ගිනිදැල් වෙලාගත්ත රටක් බව අමතක කරන්න එපා, කලගුණ අපිට අමතක නෑ, උබට වගේ !

    • Palayan huththige putho yanna.sunamiya ankota koheda pako mahinda rajapaksha hitiye.tho danna redda.ඉයෙ පෙරෙදා ඉපදිච්ච එවුන් උබලා දන්න ඇටයකුත් නැ.දෙසපලනය කියන එකෙ තෙරැමවත් දන්නවද උබ.

  2. මහින්ද මහත්තයා දැන් මහළු වයසේ නිසා නිදහස් දිනය එතුමාගේ කාලේ විශාල මුදල් නාස්තියක් කරමින් කලත් දැන් එහෙම නැති නිසා එතුමාට අවුල් වගේ දැනෙනවා ඇති.ලේ බිදක් නොසොල්වා සුද්දගෙ සම්‍පුර්න අනුග්‍රහය ඇතුව කලු සුද්දො සෙට්‍ එකක් බලය ගැනීම මහ ලොකුවට සමරන්න අවශ්‍යද?එදා සුද්දො විසින් ඇති කරන ලද ආර්ථික ක්‍රම,මහා මාර්ග,දුම්‍ රිය මාර්ග,හැර ඉට පස්සෙ හැදුන හැම සංවර්ධන ව්‍යපෘතියක්ම ණය වෙලා හොරාකාලා ජනතාව දැඩි ණය,සහ ආර්ථික අපහසුතාවයන්ට පත්කිරීම නිදහසින් පසු රට පාලනය කල කුඩා පවුල් ඒකක කීපයක් වු සේනානායක,බණ්ඩාරනායක,ජයවර්ධන, සහ රාජපක්ෂ අතර බලය මාරැ වුනත් මේ‍ අතර රටට විශාලම ආර්ථික අපහසුතාවය ඇති කලේ රාජපක්ෂ රෙජීමයයි.මහින්දගෙ කාලේ යුද්දෙ ඉවර වුනත් ආර්ථිකය නම්‍ බොරැ සංවර්ධනයක් පෙන්නලා රට බංකොලොත් කලා.

  3. මහ ලොකුවට නිදහස් දිනේ කියලා අපි මිලියන ගාණක් නාස්ති කරලා සමරන්නේ ශ්‍රීමත් අයිවර් ජෙනිංස් ගේ නෝනාගේ උපන් දිනය.බොරුද කියලා සොයලා බලන්න.

  4. ඔය හදන්ෙන පුතාට පාර කපන්න නැත්නම් මේ හදිසියෙ නිදහස් උත්සවය ගැන ප්‍රකාශ නිකුත්කරන්න හිතුනෙ මොකද? මොනව කලත් ලංකාව ඇතුලෙ මේ පක්ටෂය ආයිමත් බලයක් නොලැබෙන බවනම් ඉදුරාම සත්‍යක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19