AFC Banner
AFC Banner
Empty Ad

රජයට අහිමි වූ බදු මුදල ලබාගැනීම බීඩි බදු සංශෝධනයේ අරමුණයි – මුදල් රාජ්‍ය ඇමති

මෙතෙක් රජයට අහිමි වූ බදු මුදල නිසි පරිදි ලබාගැනීම බීඩි බදු සංශෝධනයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙතෙක් බීඩි කොළ ආනයනයේදී බීඩි කිලෝවක් සඳහා රුපියල් 5000ක් තරම් වූ ඉහළ බද්දක් අය කළ බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ප්‍රායෝගික නොවන මෙවැනි ඉහළ බද්දක් අයකිරීම නිසා බීඩි කොළ ආනයනයෙන් 75% ක්ම අනියම් ක්‍රම මගින් ගෙන්වීමට බොහෝ ආනයනකරුවන් කටයුතු කළ බවයි.

ඒ හේතුවෙන් රජයට හිමි විය යුතු බදු මුදලක් අහිමි වීම සිදු වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බීඩි නිෂ්පාදකයින්ගේ සංගමයේ ද සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙතෙක් කිලෝවට රුපියල් 5000ක්වූ ආනයන බද්ද කිලෝවට රුපියල් 250 දක්වා අඩු කිරීමටත් තීරණය කර තිබෙනවා.

ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩියක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 2 ක්වූ බදු මුදල බීඩියකට රුපියල් 3.50 දක්වා ඉහළ දැමීමටත් කටයුතු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?