රජයට අහිමි වූ බදු මුදල ලබාගැනීම බීඩි බදු සංශෝධනයේ අරමුණයි – මුදල් රාජ්‍ය ඇමති

මෙතෙක් රජයට අහිමි වූ බදු මුදල නිසි පරිදි ලබාගැනීම බීඩි බදු සංශෝධනයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙතෙක් බීඩි කොළ ආනයනයේදී බීඩි කිලෝවක් සඳහා රුපියල් 5000ක් තරම් වූ ඉහළ බද්දක් අය කළ බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ප්‍රායෝගික නොවන මෙවැනි ඉහළ බද්දක් අයකිරීම නිසා බීඩි කොළ ආනයනයෙන් 75% ක්ම අනියම් ක්‍රම මගින් ගෙන්වීමට බොහෝ ආනයනකරුවන් කටයුතු කළ බවයි.

ඒ හේතුවෙන් රජයට හිමි විය යුතු බදු මුදලක් අහිමි වීම සිදු වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බීඩි නිෂ්පාදකයින්ගේ සංගමයේ ද සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙතෙක් කිලෝවට රුපියල් 5000ක්වූ ආනයන බද්ද කිලෝවට රුපියල් 250 දක්වා අඩු කිරීමටත් තීරණය කර තිබෙනවා.

ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩියක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 2 ක්වූ බදු මුදල බීඩියකට රුපියල් 3.50 දක්වා ඉහළ දැමීමටත් කටයුතු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14