AFC Banner
Empty Ad
Empty Ad

රක්ෂිතයක දැවැන්ත ගින්නක්

වැල්ලවාය – වරුණගම රක්ෂිතයේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (03) පස්වරුවේ දී මෙම ගින්න හටගෙන ඇති බවත් එය අක්කර 10කට වඩා භූමි භාගයක් විනාශ කර දමා ඇති බවයි.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුණගම කඳු රක්ෂිතයේ ගින්නෙන් ඉපැරණි ශාක සහ වනසතුන් රැසක් ම පිළිස්සී තිබෙනවා.

කෙසේවෙතත් රාත්‍රී කාලය පුරා පැතිරුණු ගින්න අලුයම වනවිට මර්දනය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?