රොකට්ටුවක් හඳේ හැපෙන්න යයි

වසර 7 ක් තිස්සේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක කොටසක් ලබන මාර්තු හතර වැනිදා වනවිට සඳ මතුපිටට කඩා වැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති.

කඩා වැටෙනු ඇත්තේ ‘ෆෝල්කන් 9’ වර්ගයේ රොකට්ටුවක බූස්ටර් කොටසය. මෙම රොකට්ටුව 2015 පෙබරවාරි මාසයේ ෆ්ලොරිඩාවෙන් අභ්‍යවකාශය බලා ගොස් ඇත්තේ, අන්තර් ග්‍රහලෝක රහස් සොයන නිරීක්ෂණ යානායක් අභ්‍යවකාශයේ ඈතට මුදා හැරීමටය. එම මෙහෙයුම සාර්ථක වූ අතර, රොකට්ටුවේ බූස්ටර් කොටස අභ්‍යවකාශ කසළ අතරට එක් විය.

මෙසේ මෙහෙයුම් රාශියකට  සම්බන්ධවීමෙන් අනතුරුව පෘතුවි වායුගෝලයට ඇතුළු වීමට ප්රමාණවත් ඉන්ධන තිබී නොමැති අතර පෘතුවිය සහ චන්ද්රයා අතර ඇති ගුරුත්වාකර්ෂණයෙන් මිදීමටද රොකට්ටුවට ශක්තියක් නොමැති බව විද්යාඥයන් පවසයි.

විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා ඇත්තේ රොකට්ටු කොටස සඳ මතුපිටට කඩා වැටුණහොත්, එය සුනුවිසුණු වී තවත් මෙටි්‍රක් ටොන් හතරක් පමණ අභ්‍යවකාශ කසළ කොටස් අභ්‍යවකාශයට එක් වනු ඇති බවය. රොකට්ටු කැබැල්ල සඳේ ගුරුත්ව බලයට හසුවී, සඳ වෙත ඇදී යනු ඇත්තේ පැයට කිලෝමීටර් 9,288 වේගයකින් බව ද පැවැසෙයි. රොකට්ටු කැබැල්ල සඳේ කුමන ස්ථානයකට නඩා වැටෙනු ඇතැයි ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

(විමුක්ති එස් රුද්රිගු – ද ගාඩියන්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?