රොකට්ටුවක් හඳේ හැපෙන්න යයි

වසර 7 ක් තිස්සේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක කොටසක් ලබන මාර්තු හතර වැනිදා වනවිට සඳ මතුපිටට කඩා වැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති.

කඩා වැටෙනු ඇත්තේ ‘ෆෝල්කන් 9’ වර්ගයේ රොකට්ටුවක බූස්ටර් කොටසය. මෙම රොකට්ටුව 2015 පෙබරවාරි මාසයේ ෆ්ලොරිඩාවෙන් අභ්‍යවකාශය බලා ගොස් ඇත්තේ, අන්තර් ග්‍රහලෝක රහස් සොයන නිරීක්ෂණ යානායක් අභ්‍යවකාශයේ ඈතට මුදා හැරීමටය. එම මෙහෙයුම සාර්ථක වූ අතර, රොකට්ටුවේ බූස්ටර් කොටස අභ්‍යවකාශ කසළ අතරට එක් විය.

මෙසේ මෙහෙයුම් රාශියකට  සම්බන්ධවීමෙන් අනතුරුව පෘතුවි වායුගෝලයට ඇතුළු වීමට ප්රමාණවත් ඉන්ධන තිබී නොමැති අතර පෘතුවිය සහ චන්ද්රයා අතර ඇති ගුරුත්වාකර්ෂණයෙන් මිදීමටද රොකට්ටුවට ශක්තියක් නොමැති බව විද්යාඥයන් පවසයි.

විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා ඇත්තේ රොකට්ටු කොටස සඳ මතුපිටට කඩා වැටුණහොත්, එය සුනුවිසුණු වී තවත් මෙටි්‍රක් ටොන් හතරක් පමණ අභ්‍යවකාශ කසළ කොටස් අභ්‍යවකාශයට එක් වනු ඇති බවය. රොකට්ටු කැබැල්ල සඳේ ගුරුත්ව බලයට හසුවී, සඳ වෙත ඇදී යනු ඇත්තේ පැයට කිලෝමීටර් 9,288 වේගයකින් බව ද පැවැසෙයි. රොකට්ටු කැබැල්ල සඳේ කුමන ස්ථානයකට නඩා වැටෙනු ඇතැයි ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

(විමුක්ති එස් රුද්රිගු – ද ගාඩියන්)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06